ලලිත් චාමින්ද –
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට අයත් නිල නිවාස, නේවාසිකාගාර, සහ කාමර 166ක් ඇති අතර ඉන් 54ක කිසිවකු පදිංචිව නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
වෛද්‍ය නිල නිවාස 71න් 33ක වෛද්‍යවරුන්ද, 16ක අනිකුත් නිලධාරින්ද, 22ක කිසිවකු පදිංචිව නොසිටිය බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම හෙද නේවාසිකාගාර 21න් 10ක කිසිවකු පදිංචිවි නොමැති බවද ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථාන 67න් පදිංචිව ඇත්තේ 48ක පමණක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
වල්පල, මොරකැටිය, ඇල්ල ඉහල සහ ගහලකොළදෙණිය යන මධ්‍යස්ථාන 04ක් අබලන්විම නිසා භාවිතයට ගත නොහැකි තත්වයේ පවතින බව විගණනය මගින් පෙන්වා දි ඇත.
නිල නිවාස වලින් උපරිම ප්‍රයෝජනයට ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු අතර ඉන් භාවිතයට ගත නොහැකි නිවාස සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කේ.එම්. සෝමරත්නගෙන් කළ විමසීමක දී ඔහු සදහන් කළේ විගණන නිරික්ෂණ පිළිගනු ලබන බවත් විගණනයෙන් පෙන්වාදෙනු ලබන කරුණු සම්බන්ධයෙන් විධිමත් තොරතුරු පද්ධතියක් සකස්කර ඒ අනුව අවශ්‍ය පියවර ගැනිමට කටයුතු කරණ බවත්ය.







