ගාල්ලේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවයෙකුගේ ක්‍රියා කලාපය පිළිබඳව දෙමව්පියන් ආදි සිසුන් දැඩි කලකිරීමකින් පසු වන බව වාර්තා වේ.
වසර පහක් පමණ කාලයක් මොහු විදුහල්පති ලෙස කටයුතු කරන්නේ තාවකාලික පදනමෙනි.
අධ්‍යාපන අමාත්‍යාංශය මේ දක්වා මෙවැනි උසස් පාසලකට සුදුසුකම් සහිත විදුහල්පතිවරයකු පත් නොකර සිටීමද බොහෝ දෙනාගේ විමතියට හේතු වී ඇත.
පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේදී ආදි සිසු සංගමයේ කිහිපදෙනෙකු හරහා අල්ලස් ගැනීම පිළිබඳ මේ පුද්ගලයාට චෝදනා එල්ල වී තිබේ.
විද්වත් මණ්ඩලයක් මගින් මෙහි ජ්‍යේෂ්ඨ ක්‍රිකට් පුහුණුකරු ලෙස අයකු සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරා නිර්දේශ කොට ඇතත් මෙම විදුහල්පතිවරයා එය ක්‍රියාත්මක නොකර විවිධ හේතු කියමින් පමා කරමින් සිටී.
මෙහි කනිෂ්ට පුහුණුකරු සම්බන්ධව ලිංගික අල්ලස් හා මුදල් අල්ලස් සම්බන්ධව පැමිණිලි තිබුණද ඒ පිළිබඳ ක්‍රියාත්මක නොවීම ද මෙම විදුහල්පතිවරයා සම්බන්ධව ඇති චෝදනාවක් බව කියැවේ. මෙම විදුහල්පතිවරයාගේ නිර්දේශ පිට ක්‍රිකට් ක්‍රීඩකයන් යැයි කියමින් පවසමින් පිට පාසල්වල ක්‍රිකට් නොගසන දරුවන් පවා අල්ලසට ඇතුළත් කරගැනීමේ ජාවාරමක් සම්බන්ධව මෙම විදුහල්පතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
මොහුගේ පුත්‍රයාද අදාල පුහුණුකරුගේ පුද්ගලික ඇකඩමියේ නොමිලේ පුහුණුව ලබමින් ඇතැයි පැවසේ.







