අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමුතු කොඩියක් නිසා නිදහස් දිනයේ දළදා මැදුරු පරිශ්‍රයි උණුසුම් වේ….

කොඩිය ගෙනාවෙ ජාතියේ පෙරමුණ ගත් සිංහයෝ නම් සංවිධානයේ කැඳවුම්කරු යැයි කී භික්ෂුවක්...

by editor
පෙබරවාරි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නිදහස් දිනය  සමරන අද (04) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සිංහලයේ ධජය නම් වූ ධජයක් එසවීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් ගත් උත්සාහයත් පොලීසිය මැදිහතව  එය නතර කිරීමට ගත් ප්‍රයත්නයත් නිසා උණුසුම් තත්වයක් ඇති විය.

මෙම අමුතු ධජය එසවීමට උත්සාහ කළේ ජාතියේ පෙරමුණ ගත් සිංහයෝ නම් සංවිධානයේ කැඳවුම්කරු බව කියන පූජ්‍ය මැදිරිගිරියේ සුකී නම් වූ භික්ෂුවකි. එම භික්ෂුව ශ්‍රී දළඳා මාලිගාවේ වාහල්කඩින් ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ   දළදා මාළිිගාව වැඳ පුදා ගැනීමට කිසිදු තහංචියක් නොමැති වුවද දළදා මාලිගා පරිශ්‍රයේ පිළිගත් ජාතික ධජය හැර වෙනත් විවිධ ධජ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදිය නොහැකි බව දැනුම් දුන්නේය.

එම අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හා වාදයක පැටලුණු හිමිනම කියා සිටියේ තමන් ප්‍රදර්ශනය කිරීමට සූදානම් වනුයේ පෙර රජ දවස සිට භාවිත කළ සිංහලයේ නියම ධජය බවයි.

එකළ මෙම ධජය ප්‍රදර්ශනය කළද වර්තමානයේ ජාතික කොඩිය වෙනස් වී ඇති බවත් මුස්ලිම් හා දමිළ ශ්‍රී ලාංකික පුරවැසියන් නියෝජනය වීම සඳහා කොටස් එක්ව ඇති බැවින් ඊට පටහැනි වෙනත් ධජයක් ප්‍රදර්ශන කිරීමට අවසර ලබාදිය නොහැකි බවත් සුදත් මාසිංහ පැහැදිලි කර දුන්නේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙරට ව්‍යවස්ථාවට අනුව ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශන කළ හැක්කේ ව්‍යවස්ථාපිත ජාතික ධජය පමණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ධජය දළඳා මාලිගා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් මේ වන විට අධිකරණ නියෝගයක් පවා ලබාදී ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවේය.

එම අධිකරණ නියෝගය භික්ෂුන් වහන්සේට පෙන්වීමෙන් අනතුරුව සිංහලේ ධජය එම ස්ථානයේ රැස්ව සිටි ජනතාවට හා මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කිරීමට පියවර ගත් අතර භික්ෂුව පොලිස් අධිකාරිවරයාට ඉන් ධජයක් ලබාදීමට පියවර ගත්තේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අනතුරුව ශ්‍රී දළදා මාලිගාව වෙත ගිය මැදිරිගිරියේ සුකී භික්ෂුව ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව සිංහලයේ ධජය ශ්‍රී දළදා සමිඳුන්ට පූජා කිරීමටද පියවර ගත්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට බාරදුන් වගකීම නොපිරිහෙලා ඉටු කරනවා

Next Post

ගාල්ලේ ගරානා විදුහල්පතිට එරෙහිව ආදි සිසුහු  පැමිණිලි කරති

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.