2024 වර්ෂය සඳහා වන ඇමරිකානු විවිධත්ව ආගමනික වීසා ලොතරැයි වැඩසටහන හෙවත් ඇමරිකානු රජය විසින් පිරිනමන ග්‍රීන් කාර්ඩ් වීසා ලොතරැයිය සඳහා අද රාත්‍රියේ සිට අයදුම්පත් බාර ගන්නා බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඒ අනුව මෙම වීසා වැඩසටහන සඳහා පවතින ඇමරිකානු රජයේ විශේෂ වෙබ් අඩවිය හරහා පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ හැකි වන අතර ඒ සඳහා වෙනත් කිසිදු ලියකියවිලි හුවමාරුවක් හෝ වෙබ් අඩවියක් සම්බන්ධ නොවන බව සඳහන් කරයි.
අද සිට නොවැම්බර් 8 වෙනිදා දක්වා මේ සඳහා http://dvprogram.state.gov වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කළ හැකි ය.







