සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල්කිස්සේ ඝාතන දෙක බඩෝවිට අසංක සහ කොස්මල්ලී අතර ගැටුමේ ප්‍රතිඵලයක්… විමර්ශන අංශ හෙළිකරයි!

by editor
ජනවාරි 7, 2025
in පුවත්
ඝාතකයින් දෙදෙනා ඝාතනය සදහා පැමිණි අවස්ථාව...

ඝාතකයින් දෙදෙනා ඝාතනය සදහා පැමිණි අවස්ථාව...

Share on FacebookShare on Twitter

අද අළුයම වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කරන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට පාතාල අපරාධ මෙහෙයවන කුප්‍රකට අපරාධකරුවන් දෙදෙනෙකු වන බඩෝවිට අසංක සහ කොස්මල්ලී නැමැති අපරාධකරුවන් අතර ඇති වී තිබෙන ගැටුමක දිගුවක් ලෙස බව විමර්ශන අංශ හෙළිදරවු කරගෙන තිබේ.

අද අළුයම වෙඩි තබා ඝාතනය කළ 36 හැවිරිදි සුදත් ගෝමස් හෙවත් මනෝ නැමැත්තාත්,  චානක විමුක්ති නැමැති 21 හැවිරිදි තරුණයාත් බඩෝවිට අසංකගේ සමීපතමයන් බව ද අනාවරණය වි ඇත. මේ එක් පුද්ගලයෙකුගේ මිත්තනිය සහ සහෝදරයා ඊයේ මත්කුඩු ජාවාරම සම්බන්ධව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු බව ද වාර්තා වේ.

මේ තත්ත්වය තුළ මේ වෙඩි තැබීම කොස්මල්ලීගේ කල්ලිය විසින් බඩෝවිට අසංකට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කළ ඝාතන දෙකක් බව විමර්ශන අංශවලට තොරතුරු ලැබී ඇත. අද අළුයම 4.45 ට පමණ යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනා මිලි මීටර 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මේ ඝාතනය දෙක සිදුකර පලායන ආකාරය සීසීටීවී දර්ශනවල පැහැදිලිවම සටහන් වී ඇත.

36 හැවිරිදි සුදත් ගෝමස් නැමැත්තා වෙඩි වැදුන තැනම මිය ගිය අතර 21 හැවිරිදි චානක විමුක්ති නැමැති තරුණයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව කළුබෝවිල රෝහලේ දී මිය ගියේය.

අපරාධය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය අද උදෑසන ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා සිල්වා විසින් සිදුකරනු ලැබීය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සිද්ධිය සම්බන්ධව සැකකරුවන් හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත් අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලිසිය පවසයි. බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන යටතේ විමර්ශන ක්‍රියාත්මකය.

මේ වාර්තා වූයේ නව වසරේ ගෙවුනු දින 07තුළ වෙඩි තබා ඝාතනය කළ දෙවැනි සිදුවීමය. පළමු වෙඩි තැබීමේ සිද්ධිය පසුගිය 04 වැනිදා වැලිගම කප්පරතොට වල්ලිවල ප්‍රදේශයේ දී සිදුවිය.

අද කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ තත්ත්වය සම්බන්ධව මාධ්‍යය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසා සිටියේය. මාධ්‍ය විමසුවේ මේ සිදුවෙමින් ඇති අපරාධවල අඛණ්ඩතාවය පිළිබඳවය. ඒ අවස්ථාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසුවේය.

“ජනතාවට පැහැදිලියි මොකක්ද වෙන්නේ කියලා. මේ පාතාලයේ කටයුතු විතරක් නෙමෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම කළු සල්ලි සම්බන්ධයි. මෙය ජාලයක්. මේ සම්බන්ධව ආරක්ෂක අංශ කටයුතු කරමින් යනවා. බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබිලා තියනවා මහජන ආරක්ෂක ඇමතිවරයාට. ”

“මා කලින් මාධ්‍ය සාකච්ඡාවෙත් කිව්වා අපි සංදර්ශන කරන්න බලාපොරොත්තුවක් නෑ කියලා. අදාල පසුබිම් සකස් කරගෙන යන්නේ. මම හිතනවා ඔබට ප්‍රතිඵල බලාගන්න පුලුවන් වේවි. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාලච්චේන කඩදාසි කම්හල  උපරිම නිශ්පාදන ධාරිතාවෙන් ක්‍රියාත්මක කරවන්න රජය තීරණය කරයි!

Next Post

රෝහින්ග්‍යා සරණාගතයින් රටින් පිට නොකරන්න… බදියුදීන් ජනාධිපතිට ලියා ඉල්ලයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.