කීර්ති ප්‍රනාන්දු –
අයහපත් කාලගුණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 9745 ක සාමාජිකයන් 41,122 ක් අද( 15 ) දහවල් වන විට පීඩාවට පත්වී ඇතැයි ගම්පහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත පවසයි .
එහිදී අවතැන් වූ පවුල් 85ක සාමාජිකයන් 358 දෙනෙකු දිස්ත්‍රික්කයේ ආරක්ෂිත කඳවුරු හයක රඳවා ඇතැයි ද සහකාර අධ්‍යක්ෂක වරයා කියා සිටී .
මේ වන විට බියගම, දොම්පේ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල අවතැන් වූ පුද්ගලයන් සඳහා කඳවුරු තුනක් පවත්වා ගෙන යන අතර ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර ඇතුළු අවශ්‍යතා සැපයීම සිදු කරන බවද ඔහු පවසයි .
පීඩාවට පත් වැඩිම පිරිස වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වාර්තා වන අතර එහි පවුල් 4958 ක සාමාජිකයන් 21,143 ක් වන බවත් කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2034 ක සාමාජිකයන් 9121 ක් ලෙස වාර්තා වන බව ද අජිත් නිශාන්ත පැවසීය .
මේ අතර අයහපත් කාලගුණයෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස 02ක් සහ අර්ධ ලෙස හානි වූ නිවාස 19ක් මේ වන විට වාර්තා වී ඇතැයි ද සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටී.







