කීර්ති ප්‍රනාන්දු –
ගම්පහ නගරයෙන් කොටසක් වසා දැමීමට සෞඛ්‍ය අංශ අද තීරණය කළේය.
ගම්පහ පොදු වෙළෙඳ පරිශ්‍රයේ කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග එම වෙළෙඳ පරිශ්‍රය වසා දමා 200 ආසන්න සියලුම වෙළෙඳුන් නිරෝධායනයට කරීමට මින් පෙර සෞඛ්‍ය අංශ විසින් කටයුතු කළේය.
අනතුරුව අද දවස තුළ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් තවත් ආසාදිතයන් 58ක් හමුවීමත් සමග ගම්පහ මහ වීදිය වෙළෙඳපල පරිශ්‍රය හා ඒ හරහා විහිදෙන සියලුම අතුරු මාර්ග වසා දමන්නට තීරණය කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර ලංකාසරට පැවසීය.
පසුගිය මස සිට මේ දක්වා ගම්පහ නගර සීමාව තුළින් පවුල් 89කට අයත් කොවිඩ් ආසාදිතයන් 223ක් වාර්තා වී තිබිණි.