බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගමන් වාසනාව වැඩිම පාස්පෝට් හිමියන් ඉන්න රටවල් ලැයිස්තුව මෙන්න

by Lanka Sara Editor
ජූලි 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකයේ වඩාත්ම සංචාරක හිතකාමී විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ ලැයිස්තුගත කරන හෙන්ලි පාස්පෝට් දර්ශකය නව දශකයේ තුන්වැනි වාර්තාව නිකුත් කර තිබේ.

එම ලැයිස්තුවේ මුල්පෙළ ඉහළින්ම සිටින්නේ ලොව පුරා ගමනාන්ත 191 ක් සඳහා වීසා රහිත හෝ ස්ථානීය වීසා (on-arrival) බලපත්‍ර ප්‍රවේශය ලබා දෙන ජපානය යි. සිංගප්පූරුව දෙවන ස්ථානයේ (190) ද, දකුණු කොරියාව, ජර්මනිය සමඟ තෙවැනි ස්ථානයේ (189 ) සිටී.

කෙසේවෙතත් සම්මත ශ්‍රේණිගත කිරීම තුළ දැනට මතුව ඇති වසංගතය මත පැනවූ තාවකාලික තහනම් සැලකිල්ලට ගෙන නොමැත.

පසුගිය සතියේ දී යුරෝපා සංගමය විසින් මෙවැනිම රටවල් ලැයිස්තුවක් නිකුත් කර තිබුණි. ඒ කොවිඩ් -19 ලෝකය පුරා පැතිරීමට ප්‍රතිචාර වශයෙන් බාහිර දේශසීමා වසා දමා මාස කිහිපයකට පසු ජූලි 1 වනදා සිට පදිංචිකරුවන්ට ඇතුළුවීමට අවසර දෙන රටවල් 14 ඇතුළත් ලැයිස්තුවකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යුරෝපා සංගමයේ කොරෝනා වයිරසය ආශ්‍රිත සෞඛ්‍ය හා ආරක්ෂණ නිර්ණායකයන් සම්බන්ධයෙන් ගත්කළ
ජපානය සහ දකුණු කොරියාව ඉදිරියෙන් සිටින අතර ඕස්ට්‍රේලියාව සහ කැනඩාව ද (හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 9 වන ස්ථානයේ) ශ්‍රේණිගත කර ඇත.

කෙසේ වෙතත්, හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් ශ්‍රේණිගත කිරීමේ වාර්තාවේ සටහනකින් කියැවුණේ “වසංගතය දුර්වල ලෙස හැසිරවීම සම්බන්ධයෙන් දැඩි ලෙස තරවටු කිරීමක් ලෙස සළකා” එක්සත් ජනපදය, බ්‍රසීලය සහ රුසියාව කැපී පෙනෙන ලෙස බැහැර කර ඇති බවයි.

එක්සත් ජනපදය මේ වන විට නිල දර්ශකයේ හත්වැනි ස්ථානයට පත්ව ඇත. නමුත් වර්තමාන යුරෝපා සංගම් තහනම යටතේ ඇමරිකානුවන්ට ඇත්තේ මෙක්සිකෝවේ (හෙන්ලි පාස්පෝට් දර්ශකයේ අංක 25, ලකුණු 159) සහ උරුගුවේ (අංක 28, ලකුණු 153 ක් සමඟ) පුරවැසියන්ට වැනිම වූ ගුවන් ගමන් බලපත්‍රයකි.

එලෙසම, යුරෝපා සංගමය විසින් පිළිගත් රටවල් ලැයිස්තුවට බ්‍රසීලය ඇතුළත් නොකිරීම යන්නෙන් අදහස් වන්නේ, එහි නිල හෙන්ලි ශ්‍රේණිගත කිරීම අංක 19 වුවද, යථාර්ථයට අනුව නම්, එය පැරගුවේට සමීපව සිටීම යන්නයි. එය දර්ශකයේ 36 වන ස්ථානයේ සිටින්නේ ලකුණු 142 ක් සමගිනි.

සිංගප්පූරුව හෙන්ලි ශ්‍රේණිගත කිරීම තුළ ඇත්තේ අංක දෙකෙහි වුණත් එය යුරෝපා සංගම් ලයිස්තුවේ එම ස්ථානයේ නොමැත්තේ ජපානය, දකුණු කොරියාව සහ ජර්මනිය තරමටම සංචාරක නිදහසක් නොමැති බව හඟවමිනි.

හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් හි සභාපති මෙන්ම සහ පාස්පෝට් ශ්‍රේණිගත කිරීමේ නව නිපැයුම්කරු වන ක්‍රිස්ටියන් එච්. කීලින් පවසන්නේ “අප දැනටමත් දැක ඇති පරිදි, සංචාරක නිදහසට වසංගතයෙන් ඇති බලපෑම මුලින් බලාපොරොත්තු වූවාට වඩා දරුණු හා දිගු කල් පැවතුණු බවයි. යුරෝපා සංගමයේ මෙම නවතම තීරණයෙන් ඇඟවෙන්නේ ද ඉදිරියේදී තවත් එහි නැගී සිටීම් ඇති බවය.” යනුවෙනි.

2020 වසරේ හොඳම විදේශ ගමන් බලපත්‍ර:

1. ජපානය (ගමනාන්ත 191)
2. සිංගප්පූරුව (190)
3. දකුණු කොරියාව, ජර්මනිය (189)
4. ඉතාලිය, ෆින්ලන්තය, ස්පාඤ්ඤය, ය, ලක්සම්බර්ග් (188)
5. ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව (187)
6. ස්වීඩනය, ප්‍රංශය, පෘතුගාලය, නෙදර්ලන්තය, අයර්ලන්තය (186)
7. ස්විට්සර්ලන්තය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නෝර්වේ, බෙල්ජියම (185)
8. ග්‍රීසිය, නවසීලන්තය, මෝල්ටාව, චෙක් ජනරජය (184)
9. කැනඩාව, ඕස්ට්‍රේලියාව (183)
10. හංගේරියාව (181)

නරකම විදේශ ගමන් බලපත්‍ර:

ලොව පුරා රටවල් 40 කට වඩා අඩු ගණනකට වීසා රහිත හෝ ස්ථානීය වීසා බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රවේශය ඇති රටවල් වන්නේ:

103. උතුරු කොරියාව (ගමනාන්ත 39)
104. ලිබියාව, නේපාලය, පලස්තීන දේශ සීමාව (38)
105. සෝමාලියාව, යේමනය (33)
106. පකිස්ථානය (32)
107. සිරියාව (29)
108. ඉරාකය (28)
109. ඇෆ්ගනිස්ථානය (26)

Tags: නවතම
Share78Tweet43
Previous Post

කොවිඩ් අස්සේ නීතියට වංගු දමා වනසන ත්‍රිකුණාමලයේ හද බිම

Next Post

නිරුවත් වානරයින් අතර වීරයා සෙවීම…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.