බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

කොවිඩ් අස්සේ නීතියට වංගු දමා වනසන ත්‍රිකුණාමලයේ හද බිම

වෙරළ සංරක්ෂණයට අයත් සම්බල්තිව් තෙත් බිම් පරිසරය ගොඩකර හොර ඔප්පුත් හදාගෙන

by editor
ජූලි 11, 2020
in පරිසරය
Share on FacebookShare on Twitter

සමන් මල්ලවආරච්චි –

සාම්බල්තිව් කලපුව පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝමිටර හතරක් පමණ උතුරු දෙසට වන්නට නිලාවෙලි පුල්මුඩේ මාර්ගයේය. සාම්බල්තිවු පාලම දෙපසින් විහිදී යන මේ පරිසර පද්ධතිය අතිශයම මනරම් දැකුම් සහිත වූ බව මේ මගෙහි එක් වරක් හෝ ගිය අයෙක් වේ නම් දනී.

සම්පල්තිව් කලපුව

එය නිර්මාණය වී තිබුණේ බැක්බේ මුහුදු පෙදෙසට මුහුණලා පිහිටි සල්ලි තුඩුවේ මෝය කට හරහා ගොඩබිම දෙසට ඇදි එන මුහුදු ජලයෙනි. මෙම කලපුව ආවේනික දේශීය පක්ෂීන්ගේ මෙන්ම උත්කර්ෂවත් මත්ස්‍ය සම්පතක කෙම් බිම වූයේය. කලපු භූමිය පුරා එක පැහැර විහිදුනු සාරවත් කඩොලාන පද්ධතියක් විය.   කලු පැහැති මඩ තට්ටු වලින් හා වැලි සහිත භූමියෙන් සමන්විත කලපු භූමිය පුරා හින් කඩොල්   රතු කඩොල් හා මල් කඩොල් ඇතුළු දුර්ලභ කඩොලාන ශාකවලින් සමන්විත වූයේය. ඊට ආවේනික  සංතතියක් එහි විය. කලපුව ආශ්‍රිතව ජිවත්වන දිය හූණා කඩොලාන පරිසරමටම ආවේනික දුර්ලභ මත්ස්‍යයෙක් ලෙස හඳුනාගෙන තිබිණි.

කඩොලාන පරිසර පද්ධතියක් යනු මුහුද හා ගොඩබිමෙහි ජීවී සබැඳුමය.  අප අද කියන අතිශය කාලකණ්ණි කතාව නම් මේ කලපු බිම මේ රටේ මූලික නීතිය තඹයකට නොසලකා එළිපිට උල්ලංඝණය කරමින් කරන දහදුරා අපරාධය ගැනය.  මුදල් බලය සහ දේශපාලන හයිය සහිත අශිෂ්ටයන් පිරිසක් මෙම කලපු බිම නීති විරෝධීව අත්පත් කරගෙන එම පරිසර පද්ධතිය විනාශ කරමින් සිටිති. එම භූමිය ගොඩකරමින් සිටිති. ගොඩ කළ භූමියේ ඉදිකිරීම් කරමින් සිටිති.

පුවරුව පෙනෙන මානයේ සිටම කලපුව අත්පත් කරගනෙ ඇති අයුරු

අශිෂ්ටම දැකුම වන්නේ බලය යොදා කරන මේ අනීතික ව්‍යසනය සිදුවන්නේ සාම්බල්තිව් කලපුව සිමා මායිම් නිර්ණය කර සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කළ බවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2018 වසරේදි ප්‍රදර්ශනය කළ දැන්වීම් පුවරුව දකිමිනි. අබලි ද්‍රව්‍ය යොදා කලපුව ගොඩ කර දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීම් අරඹා ඇත්තේ රජයේ නෛතික ප්‍රකාශය සහිත පුවරුව පාමුලිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නීතිය අනුව ඉඩම් හිමිකම

කලපුව සහිත මුලු භූමියේ සිතියම

කලපු මෝයේ සිට සාම්බල්තිවු පාලම දක්වා මුහුද දෙසට වන්නට පිහිටි හෙක්ටයාර් 19 ක බිම් ප්‍රමාණයත් පාරෙන් වම්පස ගොඩබිමට වන්නට පිහිටි හෙක්ටයාර 223 ක කඩොලාන පද්ධතිය සහිත බිම් ප්‍රමාණයත් ඇතුළුව හෙක්ටයාර 242 ක භූමි ප්‍රමාණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වේ.

1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ පනතට අනුව වෙරළ කලාපය යනු වඩදිය මට්ටමේ මධ්‍යන සීමාවේ සිට මීටර් 300 ක් ගොඩබිම දෙසටත් බාදිය මට්ටමේ මධ්‍යයන සිමාවේ සිට කිලෝ මීටර් දෙකක් මුහුද දෙසටත් විහිදී ඇති ගොඩබිම හා මහ මුහුද අයත්වන භූමිය හා ජලජ ප්‍රදේශයයි. එම සීමාව අයත් වන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය.

එසේම පනතට අනුව ගංගා දිය පහර හෝ කලපු ආශ්‍රිතව මෙම සිමාව සටහන් කරනුයේ ගංගාවේ දිය දිය පහර මෝය හෝ කලපුවේ ස්වභාවික ජලය හුවමාරුවන ස්ථානයේ  සිට ලම්භකව කිලෝ මිටර් දෙකක් දක්වා ගොඩබිම දෙසට ඇති භූමි කලාපය ලෙසය.

මේ අනුව  කලපු මෝයේ සිට ලම්බකව සාම්බල්තිවු පාලම දක්වා ඇති දුර කිලෝ මිටර 1 මිටර් 22 කි. එනම් මේ භූමිය නීත්‍යානුකූලව අයත් වන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. රජයේ රක්ෂිත භූමියකටය. එහෙත් සාම්බල්තිව් කලපුව ගොඩ කරමින්  ඉදිකිරීම් කරනු ලබන්නේ මේ භූමිය තුළය. වැදගත්ම හෙළි දරව්ව වන්නේ මෙම අනීතික ඉදිකිරීම් කීපයක්  සඳහා නාගරික සංවර්ධන අධිකාරිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුමැතින් ලබා දි ඇති බව හෙළි වීමය. මේ ඉඩම් අත්පත් කරගත්තවුන් වඩදිය කාලයේ භූමිය ජලයෙන් වැසී යෑම වැළැක්වීම සඳහා විශාල බැමි බැඳ ඇති අයුරු පෙනේ.

මධ්‍යම පරිසර අධිකාරියේ යෝජනා

මධම පරිසර අධිකාරිය මෙම කලපුව පිළිබඳව විශේස විමර්ශනයක් කළේය. එහි දී කලපුවේ දකුණු හා නැගෙනහිර මායිම්වල කඩොලාන ශාඛ ඉවත් කර කසල, ඉවත් කරන ගොඩනැගිලි ද්‍රව්‍ය, පස් හා බොරලු වැනි ද්‍රව්‍ය දමා මෙම තෙත් බිම් පරිසරයට කළ හානිය තහවුරු කළේය.

එමෙන්ම අධිකාරිය කලපුව ආරක්ෂා කර ගැනිම සඳහා යෝජනා 4 ක් ඉදිරිපත් කළේය. ඉන් ප්‍රධානම යෝජනාව   නිති විරෝධී අත්පත් කර ගැනිම් සම්බන්ධව සන්තකය ආපසු ගැනීම හෝ අදාල නෛතික ක්‍රියාමාර්ග ගැනීමය.

2011 අංක 49 දරණ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ (සංශෝධිත) පනතේ 31 වගන්තියට අනුව අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ලිඛිත අනුමැතිය නොමැතිව යම් නිති විරෝධි ඉදිකිරිමක් පනතින් ආවරණය වන පරිසර කලාපය තුළ සිදුකර තිබේ නම්  එය කඩා ඉවත් කිරිමේ බලය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත්තේය. එකි පනතේ 28 වගන්තිය යටතේ පනතේ 14 වගන්තිය උල්ලංඝණය කරන්නේ නම් වරෙන්තුවක් නොමැතිව එකි පුද්ගලයන් අත් අඩංගුවට ගත හැක්කේය. කලපුව මේ ආකාරයෙන් ඇස් පනාපිට විනාශ වන්නේ ක්‍රියාත්මක වීමට මේ තරම් නෛතික ප්‍රතිපාදන තිබෙද්දී ය.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර වාර්තාවලට අනුව 1986 වසරේදි ත්‍රිකුණාමලයේ හෙක්ටයාර 2043 ක්ව තිබු ක‍ඩොලාන පරිසර පද්ධතිය 1997 වනවිට හෙක්ටයාර 1491 දක්වා පහත වැටී තිබිණි. මේ වනවටි එහි තත්වය ගැන ගණනය කිරීමක් නැත.  සාම්බල්තිවු කලපුව ඇස් පනාපිටම පුද්ගලයන් කීප දෙනෙකුට බිලි දෙන්නේ ඒ පසුබිමේය.

ත්‍රිකුණාමලයේ රාජ්‍ය නිලධාරීන්

සාම්බල්තිවු කලපුවේ අනවසර ඉඩම් අත්පත් කර ගැනිම් හා ගොඩ කිරිම් සම්බන්ධව සොයා බැලිමේ ක්ෂේත්‍ර පරික්ෂාවකට ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් අසංග අබේවර්ධන එක් වුණේය. ඔහු සමග මධයම පරිසර අධිකාරිය, වන සංරක්සණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ධීවර දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, පොලිසිය හා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටු නිලධාරින් ඇතුළු නිලධාරිහු රැසක්ම එක්ව සිටියහ.

කලපුව ගොඩ කර ඉඩම් අත්පත් කරගෙන ඇති ආකාරය

කලපුවේ නැගෙනහිර උතුර හා දකුණු සිමාවන් මෙන්ම කලපුව අභ්‍යන්තරයද නිරික්ෂණය කළ දිසාපති අසංග අබේවර්ධන මහතා මෙසේ පැවැසීය.

“ සාම්බල්තිවු කලපුව සංවේදි පරිසර කලාපයක්. මෙම කලපුව සංචාරකයන් බොහෝ ඇළුම් කරන තැනක්. එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතාවන්ට ඉඩම් බලෙන් අත්පත් කරගෙන තියෙන බව අපට පෙනී යනවා. අපි කල ක්ෂේත්‍ර පරික්ෂණයේදි සොයා ගැනීමට හැකිවුණා යම් යම් අක්‍රමිකතාවන් සිදුව ඇති බව. කොහොම වුනත් තියෙන ඉඩම් ඉතා ඉක්මණින් නිදහස් කරගෙන සංවේදි පරිසර කලාපයක් ලෙස තියෙන මෙම ප්‍රදේශය හා ඊට අවශ්‍ය භූමිය ඉදිරියේදි ගැසට් කිරිමට වැඩපිලිවෙලක් සකස් කරනවා.  සමහර විට එම අවස්ථාවන්හිදි ගැටලු ඇති වන්නට පුලුවන්. ඒ ගැටලු මග හරවා ගෙන මේ කටයුතු අපි ඉක්මණින් සිදු කරනවා.“

රටේ මූලික නීතිය උල්ලංඝණය කර ඉඩම අත්පත් කරගත් මේ පිරිස ආරක්ෂා කරගැනීමට   ඉදිරියට පැමිණ ඇත්තේ උප්පුවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා දෙමල සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.  මේ මෝලුන් දපල කියන්නේ වෙරළ සංරක්ෂණය දෙපාර්තමේන්තුවට අයත් මේ සංවේදි පරිසර කලාපය බලහත්කාරයෙන් ගොඩ කර අත්පත් කරගත් ඉඩම් වලට මේ පුද්ගලයන්ට ඔප්පු තිබෙන බවය. ඒ ඔප්පුවල ස්වරූපය කුමක් දැයි දැන ගැනීමට ත්‍රී කුණාමලයේ පරිසර ප්‍රේමී මිනිස්සු ජාති භේදයකින් තොරව පෙළ ගැසී සිටිති. සර්ව ආගමික නායකයෝ එක් වී සටිති. ආගම් ජාති භේද නොසලකා කලපුව මේ උවදුරින් ගලවා ගන්නා තෙක් සටන් කිරීමට ශපථ කර සිටිති.

ඒ වෙනුවෙන් ත්‍රෙයි නිකායික භික්ෂු බළ මණ්ඩලයේ ලේකම් චිනවරාය බෝධිරාජාරාමාධිපති පුජ්‍ය අලුත් ඔය සද්ධාතිස්ස නාහිමි, මුතුර් ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛම් පුජ්‍ය බලල්ලේ රතනසාර හිමි, දහම් පාසල් ගුරු සංගමයේ සභාපති තඹලගමුවේ විජිතවංශ හිමි, චිනවරාය ශාන්ත අන්තෝනි දේවස්තානයේ මිසම් පාලක ජෝර්ජ් දිසානායක පියතුමා නැගෙන අරුණළු පාරිසරික සංවිධානය, දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය, ත්‍රිකුණාමලය පුරවැසි හඩ, ගෝණතොට පරිසර සංවිධානය, වෘත්තිය මාධ්‍යවේදින්ගේ සංගමය, කුඩා ඔරු සංගමය, දිස්ත්‍රික් ධිවර සම්මේලනය ඇතුළු සිවිල් සංවිධාන 18 ක් පෙළ ගැසී සිටිති. මේ මිනිසුන් ප්‍රාර්ථනා කරන්නේ මේ රටේ නීතිය රටෙ හෙට දවස වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමය.

 

 

 

 

Tags: නවතම
Share947Tweet43
Previous Post

කොවිඩ්-19 මාර්ගෝපදේශ වහාම ගැසට් කරන්න

Next Post

ගමන් වාසනාව වැඩිම පාස්පෝට් හිමියන් ඉන්න රටවල් ලැයිස්තුව මෙන්න

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.