බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නිරුවත් වානරයින් අතර වීරයා සෙවීම…

by editor
ජූලි 12, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

නියෝමාල් රංගජීව එක් වකවානුවක මේ රටේ මිනිස්සුන්ගේ වීරයෙකි. නාකොටික් එක තුප්පහි ජාවාරම් කාරයන්ගේ ගුබ්බෑයමක් බව නොදන්නා වකවානුවේදී  මිනිස්සුන් රංගජීවව දැක්කේ දෙමළ චිත්‍රපටවල ප්‍රකාශිත අප්‍රමාණ වීරයා ප්‍රායෝගික ලෝකයේ ප්‍රාදූර්භූත වී සිටි  වගය. කුඩු මුදලාලිලා 48ක් ඔහු නිසා බන්ධනාගාරයේ බව කීවේය. කුඩු නඩු 200ක සාක්ෂි නිලධාරියෙක් බව පෙන්වා දෙමින් රැක ගත යුතු ජාතික වස්තුවක් සේ සැලකුවේය.

කුඩු කාරයන්ගේ වෙඩි පහරට ඉලක්ක වී බිහිසුණු ජීවිත   අවදානමකට ලක්ව සිටි මොහොතක ඔහු වෙනුවෙන් බෝධි පූජා තැබූ මිනිස්සු මේ රට තුළ වූහ. ඔහුව උත්කර්ෂයට නන්වමින් පුවත් පත් කතු වැකි ලියූ මාධ්‍යවෙදීහු වූහ.

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ අශිෂ්ඨ ඝාතනයේ දී නම් අඬගසමින් සිර කරුවන් ඝාතනය කළ නින්දිත මිනීමරුවා ලෙස නියෝමාල් රංගජීව චෝදනා ලබද්දී ඔහු එම අපරාධය කළ බව මිනිස්සු පිළිගත්තේ  නැත. මිනිස්සු කළේ එම චෝදනාව ගොනු කළ රාජිත සේනාරත්න  කුජීත කිරීමය.   යහපාලන ආණ්ඩුවත්  නන්නත්තාර කර ඉතිහාසයේ කුණු කූඩයට  විසි කිරීමය.

ජාතිය වෙනුවෙන් කැපවුණු, ජීවත් වීම වෙනුවෙන් අශිෂ්ටකම් නොකළ පෞරුෂවත් මිනිසුන්  හිඟවනවිට එවැනි ආදර්ශ නිර්මාණය කරගැනීමට සමාජයට අවශ්‍යය. නියෝමාල් රංජීවලා වීරයන් ලෙස ජනමාධ්‍ය ඔස්සේ මතුව එන්නේ ඒ රික්තක පුරවා මිනිසුන්ට ආශ්වාදයක් ගෙන එමිනි. එබැවින්ම රංගජීවලාට මිනිසුන් හා සමාජය වෙනුවෙන් වගකීමක් තිබේ. ඒ සමාජයේ ෆැන්ටසිය නොබිඳීමටය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

එහෙත් රංගජීව ඒ සැප කුඩු කළේය. ඒ තමන් තුළ සිටින හික්මවිය නොහැකි සතා අශීලාචාර ලෙස එළියට ඇද දැමීමෙනි. රටේ නීතිය සම්බන්ධව උත්තරීතරම ආයතනය වූ අධිකරණ භූමිය තුළ   තමන් සතුව පවතී යැයි විශ්වාස කරන මුග්ධ බලය අනීතිකව රටේ පුරවැසියෙක් වෙත මුදා හැරීමෙනි. මේ පුරවැසියා මාධ්‍ය කරුවෙක් වීම හා රටේ පිළිගත් මාධ්‍ය ආයතනයක  වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වීම තත්වය තවත් සංකීර්ණ කර ඇත්තේය.  තමන්ගේ ඡායාරූපයක් ගැනීම නිසා කුපිත වන මේ පුද්ගලයා මධ්‍යවේදියාව ඇදගෙන පොලිස් මුරපොල වෙත යන ආකාරය කැමරාවල සජීවීව සටහන් වන්නේය. ඔහු උසාවි භූමිය තුළ තම බලය මුදා හරින්නේ රූපවාහිනී කැමරා හා මාධ්‍යයට විවෘත වූ කැමරා ගණනාවක් ඉදිරියේය.

රංජීවගේ මැරකමට ලක් වන්නේ මව්බිම පුවත්පතේ ඡායාරූප ශිල්පී අකිල ජයවර්ධනය. අකිල කියන්නේ ඔහුව බලහත්කාරයෙන් ඇදගෙන යනවිට රංගජීවගේ  හැසිරීමේ වියරු ස්වරූපය ඔහුව තැති ගැන්වූ ආකාරයයි. තම මාධ්‍ය හැඳුනුම්පත හෝ ඉදිරිපත් කිරීමට ඉඩක් නොතබා සිය කැමරාව උදුරාගෙන මෙමරි සිම්පත ගලවා ගත් ආකාරයයි. ඇඟලා සිටි කෝට් එක ගලවා දමා  නිරායුධ ඔහුට පහර දීමට උත්සාහ කළ  ආකාරයයි. ඔහු කියන්නේ අධිකරණ අංක 05 සිට ඔහුව ඇදගෙන ගිය අයුරු   ඔහුගේ වෘත්තීය ගෞරවය මතු නොව මනුෂ්‍යෙයකු ලෙස සතුවිය යුතු ආත්ම ගෞරවය විනාශ කළ ඛේදවාචකය ය.

මේ බලය රංගජීව ලබා ගන්නේ කාගෙන්ද?, මේ ඔහුගේ විකෘති පෞරුෂ ස්වරූපය ද, නැතිනම් මුග්ධකම ද යන්න වැටහෙන්නේ නැත. මිනීමැරුම් 27ක් කළ බවට චෝදනා ලැබ මානව හිමිකම් ගිලටීනයේ තොණ්ඩුව සිරකරගෙන සිටින පුද්ගලයෙක් සිහියකින් නම් නොකරන මේ විකල් හැසිරීමෙන් රංජීව ප්‍රකාශ කරන්නේ තමන්ගේ නියම ස්වරූපය නම් කතාව අප හිතනවාට වඩා බිහිසුණුය.  වෙනස්ය.

දැන් රංගජීව ප්‍රසිද්ධියේ සිද්ධිය පිළිබඳ කණගාටුවට පත් වන බව ප්‍රකාශ කරන්නේය. ඒ කණගාටුව ප්‍රකාශ කිරීමේ ස්වරය අපව තිගස්වන්නේය. ඔහු ඊයේ (11) මාධ්‍ය හමුවක් පවත්වා  කියන්නේ මාධ්‍යවෙිදයාගේ පෙනුම අවුල් බවය. ඔහු එසේ හැසිරුණේ සැක සහිත පෙනුමක් ඇති මාධ්‍යවේදියා නිසා ඔහුගේ ආරක්ෂාට තර්ජනයක් වෙතැයි සිතූ නිසා බවය.

මින් හෙළිවන මුල්ම යථාර්ථය නම් අප මෙතෙක් තෝරාගෙන සිටි අංක එකේ වීරයා සිය බහුල අත්දැකීම්වලින් එළඹි  මූලිකම නිරීක්ෂණ මුලුමනින්ම වැරදි බවය. දෙවැන්න එවැනි සැක කටයුතු අවස්ථාවක හැසිරිය යුතු වෘත්තීය ක්‍රමවේදය තුළ ඔහු පිහිටා නැති බවය. විචක්ෂණ වෘත්තිකයෙක් හරහා ගොඩනැගෙන  වීරයෙකුට ඇඳගෙන සිටි මේ පුද්ගලයා සමාජය ඉදිරියේ නිර්වස්ත්‍ර වූ තරම් වේගයෙන් යළි විලි වසා ගන්නට බැරි වීමේ අවුලට  මුහුණ දී සිටී.

අනෙක රංගජීවගේ සමාව ඇයැදීමෙන් අකිල ජයවර්ධන පිටකොටුව පොලිස් අධිකාරී කාර්යාලයේ දැමූ පැමිණිල්ල නිශ්ක්‍රීය වන්නේ නැත. එය ඉදිරියට යනවා ද නැද්ද යන්න අකිලගේ ප්‍රශ්නයක් නොව, ඔහු වැඩකරන ආයතනයේ සභාපතිවරයා ඇතුළු සිද්ධියට සම්බන්ධ ඉහළම තලයේ පුද්ගලයන්ගේ ගනුදෙණුවල ස්වරූපය මත තීන්දු වෙන්නකි.

කෙසේ වෙතත් මේ සමස්ථ සිද්ධිය හරහා ප්‍රකාශවන සොහොන් ලකුණු මේ රටේ මිනිසුන්ට පෙනෙන්නේ නැත..  අප ජීවත් වන්නේ  නියෝමාල් රංජීව සිය වැරැද්ද පිළිගත්තත් ඔහු වැරැද්දක් කළ බව පිළිනොගන්නා මිනිසුන් සහිත සමාජයකය.   සිය මොළය ගලවා පැත්තකින් තබා දේශපාලනය කරන බහුතරයක් සහිත සමාජයකය.

අඩුම තරමේ අද අප රංගජීවලා ගැන කතා කරන්නේ වර්ෂ 2018 දී කතා කළ පසුබිම තුළ නොවන බව හෝ මේ සමාජය තේරුම් ගන්නේ නැත.  මේ ගතවෙමින් ඇත්තේ නාකොටික් දේවාලයේ අල්තාරය මත තබා එහි කන්‍යාභාවය අහෝසි කළ අශිෂ්ඨයන්    හෙළි දරව් වෙමින් ඇති කාලයකි. වර්ෂ 2018 සිට කුඩු කාරයන් හා ඩීල් ගසමින් අත්අඩංගුවට ගත් කුඩු විකිණූ නාකොටික් කාරයන් ගැන හෙළිවෙමින් ඇති වකවානුවකි . අවබෝධයකින් යුතුව සිදුවන සියල්ල දෙස විමසිලිමත් විය යුතුව ඇත්තේ විය නොහැක්කක් නොමැති බව සිදුවීම් පෙළ අපට ඉඟි කරන  බැවිනි.

තේරුම් ගත හැකි පැහැදිලි ඇත්තක් තිබේ. දැන් මේ සමාජය ප්‍රාර්ථනා කරන වීරයා නැත. වීරයා මැරී බොහෝ කල්ය. එහෙත් අපි ඒ කුණු වුණු මෘත කලේබර අතර අපේ ෆැන්ටසි සොයමින් හිඳිමු.

 

 

 

 

 

Tags: විශේෂ
Share130Tweet43
Previous Post

ගමන් වාසනාව වැඩිම පාස්පෝට් හිමියන් ඉන්න රටවල් ලැයිස්තුව මෙන්න

Next Post

කොරෝනා ආසාදිත අමිතාබ් බච්චන්ගෙන් විශේෂ  ඉල්ලීමක්…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.