ඉන්ධන අර්බුදය හේතුවෙන් ගම්බිම්වල යෑමට නොහැකි මන්ත්‍රීවරුන් කොළඹ හෝටල් කාමර වෙන් කර දෙන මෙන් තමාගෙන් ඉල්ලීම් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛත්වයක් ලබා දෙන බවට ප්‍රසිද්ධ වීම හේතුවෙන් ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති වී ඇතැයි නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මතු කළ ගැටළුවකට පිළිතුරු වශයෙන් කථානායකවරයා මේ බව පැවසීය.
ප්‍රසන්න රණතුංග මහතා පැවසූවේ මන්ත්‍රීවරුන් ඉන්ධන වරප්‍රසාද ඉල්ලා නොමැති නිසා එවැනි විශේෂත්වයක් අවශ්‍ය නොවන බවත් එවැනි ප්‍රචාර සමාජය තුළ ප්‍රචාරය නොකරන ලෙසත් ය.
අමාත්‍යවරයාට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ අසූ ගණන්වල සේම යුද්දය කාලේදීත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දුන් බවයි. මෙරවත් ඒ අනුව ක්‍රියා කරන බවත් පාර්ලිමේන්තුව නොමැති දිනවල එවැනි ප්‍රමුඛත්වයක් නොමැති බවත් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී කථානායකවරයා, වාහනවලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි නිසා ගම්බිම්වලට යෑමට නොහැකිව සිටින මන්ත්‍රීවරුන්ට නැවතීමට හෝටල් කාමර වෙන් කර දීම සම්බන්ධයෙන් මතු කළේය.