සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යල අඩාල වීමට පෙර ඉන්දියාවෙන් පොහොර නැවක් !

by Lankasara News
මැයි 19, 2022
in පුවත්
fertilizer rice farmer food price
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටිනුයේ නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයයි. මේ අර්බුදයේ සෘජු නිර්මාණකරුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයයි. අති දැවැන්ත ජනවරමකින් විධායකයේත් ව්‍යවස්ථාදායතකයේත් බලය ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොදු ජන පෙරමුණු ආණ්ඩුව ආරම්භයේ සිට අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති දෙකක් මේ වනවිට රටේ ජනතාව කුසගින්නට, මෙන්ම දුක් ගින්නට දැවෙන තත්ත්වයකට තල්ලු කර ඇත.

මේ හේතුවෙන් අද ඕනෑම කුඩා වේ, මී මැසි වැනි කෘමි රාජධානියක අනුගමනය කෙරෙන මූලික සිද්ධාන්තයක් වන ආහාර සහ බලශකන්ති සුරක්ෂිතතාව ස්ථාවර කර ගැනීමට අති දැවැන්ත බලයකින්= පැමිණි නායකයන්ටත් ඔවුන්ගේ අනුගාමික මහජන නියෝජිතයන්ටත් නොහැකි වී තිබේ.

මේ විපත්තිදායක වාතාවරණය ශ්‍රි ලකාවේ ජීවත් වන මිලියන 22ක් පමණ වන ජනතාවට ළඟා වීමට ගතවන්නේ මාස තිහක් පමණි.

මේ වැරදි ප්‍රතිපත්ති අතර ලෝකයම අවධානය යොමු වූ මූලික තීරණ දෙකක් බලපෑවේය. එකක් 2019 වසරේ නෙවැම්බර් මාසයේ බලයට පැමිණි මෙම රජය රටේ රාජ්‍ය ආදායම දැවැන්ත ලෙස අඩු කිරීමට හේතු වූ බදු කප්පාදුවක් කළේය. මේ වැරදි බදු පිළිවෙත නිසා රාජ්‍ය භාණ්ඩාගාරය හිස් වන්නට පටන් ගත්කේය. මුදල් මුද්‍රණය කිරීමේ තීරණයට රටේ ආර්ථිකය හසුරුවන බලධාරීන් තල්ලු කරවීමට බලපෑවේත් අද දැවෙන ලොකුම අර්බුදය වන විදේශ විනිමය අර්බුදයට එක් පැත්තකින් බලපෑවේද මේ වැරදි පිළිවෙතයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ රජය ආහාර සුරක්ෂිතතාව අවදානමකට ලක් කරමින් ගත් තීරණය වූයේ කිසිදු පූර්ව සැලසුමකින් හෝ මඟ පෙන්වීමකින් තොරව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙරට කෘෂිකර්මය සදහා අවශ්‍ය කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනයට කළ තහනමයි. එයින් නොසිතූ විරූ පසුබෑමක් මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ සිදුවිය.

මේ වනවිට ජනාධිපතිවරයාද තමන් විසින් ගන්නා ලද්දේ වැරදි තීරණයක් බව පිළිගෙන එය මේ වනවිට ආපසු හැරවීමටද කටයුතු කර තිබේ. එහෙත් රාජ්‍ය නායකයාගේ වැරදි තීරණය මේ වනවිට රටේ කෘෂිකර්මය සහ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව පරම්පරා ගණනාවකට බලපාන තරමට බරපතල වී ඇත. එසේම ඔවුන් නිර්මාණය කළ සෙසු අර්බුද හේතුවෙන් ඇති වූ විදේශ විනිමය අර්බුදය දැන අපට පොහොර තිබුණද ඒවා මිලදී ගන්නට හැකියාවක් නොමැති කම නිසා අර්බුදයට ලක්ව තිබේ.

පසුගියදා සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ ආකාරයට රටේ ආහාර සහ බලශක්ති සුරකෂිතාව ඇතුළු අර්බුදය හමුවේ අසල්වැසි ඉන්දියාව ඉදිරිපත් නොවන්නට අපට මේ තුළ දරුණු ලෙස ගිලී යන්නට ඉඩ තිබුණි. මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන පහකට ආසන්න ආධාර සිදු කර ඇති ඉන්දියාව ආහාර සුරක්ෂිතතාව කෙරෛහි තවදුරටත් අවධානය යොමු කරමින් පසුගියදා යූරියා පොහොර ටොන් 65,000ක් ශ්‍රි ලංකාව ඉන්දීය ණය යොජනා ක්‍රමය යටතේ ලබා දීමටද පියවර ගත්තේය.

ශ්‍රී ලංකාවේ වත්මන් යල වගා කන්නය සඳහා අවශ්‍ය යූරියා සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් රාජේෂ් කුමාර චතුරවේදි මහතා නවදිල්ලියේදී පසුගියදා හමුවූ බව මාධ්‍ය වාර්තා කළේය.

යල වගා කන්නය මේ වනවිට ආරම්භ වී ඇත. එහෙත් යල කන්නයද “අල වීමේ අනතුරක් ඇත්තේ නිසි කලට පොහොර නොලැබීම නිසාය. ඒ සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් සැපයීමට ඉන්දියාව ගත් තීරණය පිළිබඳව මොරගොඩ චතුර්වේදිට ස්තුතිය පුද කළ බව නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉන්දියාවට මේ යූරියා ශ්‍රි ලංකාවට එවන්නට රටේ නීති රීති ද වෙනස් කිරීමට සිදුවිය. ඒ එරට යූරියා අපනයනය තහනම් කර තිබියදී ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම යූරියා ප්‍රමාණය වහාම ශ්‍රී ලංකාවට ලබාදීම සඳහාය.

ඉන්දියාවේ ‘අසල්වැසියාට පළමුව ‘ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට තම දෙපාර්තමේන්තුව සැමවිටම සූදානම් බවත්, රාජ්‍ය සමාගමක් හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය යූරියා ප්‍රමාණය ළඟම ඇති වරායෙන් නැව්ගත කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් චතුර්වේදි ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

මහ කොමසාරිස්වරයා සහ ලේකම්වරයා දැනට පවතින ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ සහ ඉන් ඔබ්බට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රසායනික පොහොර අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ ක්‍රම සහ විධික්‍රම ද සාකච්ඡා කළහ.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට ණය, ණය මාර්ග සහ ණය හුවමාරුව සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 3 කට වැඩි මුදලක් ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

යල යනු ශ්‍රී ලංකාවේ වී වගා කරන කන්නය වන අතර එය මැයි සිට අගෝස්තු දක්වා පවතී.

මහ සැසියේදී වී වගාව පහත වැටීමෙන් පසු කෘෂිකාර්මික වෙළඳපොලේ ඇති වන බාධාව වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය කෘෂිකාර්මික අංශය නංවාලීමේ අරමුණින් සිටී.

රසායනික පොහොර තහනමෙන් පසුව කාබනික පොහොර ප්‍රමාණවත් ලෙස සැපයීමට රජයට හැකි වූයේ නැත. චීනයෙන් කාබනික පොහොර තොගයක් ගෙනාවද ඒවා මෙරට කෘෂිකර්මාන්තයට අතිශයින්ම අහිතකර වූ ව්‍යාධිජනක සහිත වීම නිසා ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවිය. චීන බලහත්කාරකම් මැද රාජ්‍ය තාන්ත්‍රික නොහොඳ නෝක්කාඩු ඇති වීම දක්වාම එය දුර දිග ගියේය.

පොහොර හිඟය කෘෂිකාර්මික නිෂ්පාදනයට, විශේෂයෙන්ම සහල් සහ තේවලට බලපෑ අතර, රජය විසින් ප්‍රධාන භෝග කිහිපයක් සඳහා පනවා තිබූ ආනයන තහනම පසුගියදා අවසන් කළේය.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂික පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 400ක් වැය වේ. පොහොර නොමැතිකම සහ තම ගොවිබිම් අත්හැරීමට සිදු වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ගොවීන් සිය විරෝධතා තීව්‍ර කර ඇත.

ශ්‍රී ලංකාවේ ගොවීන් මිලියන 2 කට වඩා සිටින අතර එහි මිලියන 22 ක ජනතාවගෙන් සියයට 70 ක් පමණ සෘජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තය මත යැපෙති.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වී ඇත්තේ විදේශ මුදල් හිඟකම නිසා වන අතර, එයින් අදහස් කරන්නේ රටට ප්‍රධාන ආහාර සහ ඉන්ධන ආනයනය සඳහා ගෙවීමට නොහැකි වන අතර එය උග්‍ර හිඟයකට සහ ඉතා ඉහළ මිලකට මග පාදයි.

අද (19) පාර්ලිමෙන්තුවේදීද මේ ආහාර අර්බුදය කතා බහට ඇදුණු මාතෘකාවක් විය. මේ වනවිට ගොවියාට පොහොර පමණක් නෙවා ඉන්ධන ද අර්බුදයක් වී ඇත. මේ හේතුවෙන් නිසි කලට වගා කිරීම අභියෝගයක් ව ඇත. එවැනි තත්වයක් මත සෑම බිම් අඟලකම වගා කිරීම ගැන අවධානය යොමු විය.

Share69Tweet43
Previous Post

මහින්ද අවුරුදු 50ක දේශපාලන ජීවිතය විනාශ කරගත් හැටි චමල් පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

ගමට යන්න බැරි මන්ත්‍රීවරු කථානායකගෙන් හෝටල් කාමර ඉල්ලති

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.