ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාලව අධිකරණයට සම්බන්ධ කීප දෙනෙකුගෙන් ඉදිරියේ දී ප්‍රශ්න කිරීමට නියමිත බව ආණඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස අද ( 24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂ මන්ත්‍රී අජිත් පෙරේරා විසින් ආණ්ඩුවේ බුද්ධි තොරතුරු විශ්ලේෂණය සම්බන්ධව ඇති දුර්වලතාවය මතුකරමින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.
මේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ඇතිවන ගැටුමක් මේ නවවිට මේකට සම්බන්ධයි කියලා පොලිසියෙ වැඩ කරන ආරක්ෂක අංශවලට සම්බන්ධ අය පවා අත් අඩංගුවට අරන් තියනවා. ප්‍රශ්න කරගෙන යනවා
ඒ වගේම තවත් අධිකරණයට සම්බන්ධ කීප දෙනෙකුගෙන් ප්‍රශ්න කරන්න නියමිත වෙලත් තියනවා. ඒ නිසා ඒකට අදාල තොරතුරු වටින් විට අවශ්‍ය ප්‍රමාණයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. වැඩිමනත් තොරතුරු අවශ්‍ය නම් 28 වැනිදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පැවැත්වෙනවා. එතනදිත් අපි විමර්ශනයට බාධා නොවන තොරතුරු මේ සභාවට ඉදිරිපත් කරන්නම්. ඒ නිසා විමර්ශන ගැන විශ්වාස කරන්න.
අදාල කරන සියලු පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සහ පරීක්ෂණ සිදුවන බව කියන්න කැමතියි. ආණඩු පක්ෂයේ සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.







