ඇති වී ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග නිල්වලා ව්‍යාපෘතිය යටතේ මාතර නගරයට ගංවතුර තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම්ට මාතර අත්තුඩාවේ ඉදි කරන ලද ගල් බැම්ම බිඳී යෑමේ අවදානමක් මතු වූ බැවින් ඊයේ රාත්‍රිය මුළුල්ලේ සිට අද පෙරවරුව දක්වාම ධාරාණිපාත වර්ෂාව දරාගෙන මහා මෙහෙයුමකින් පසු බැම්ම ස්ථාවර කිරීමට යුද හමුදා නිලධාරීහු සමත් වූහ.
මහජනයාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා ධාරාණිපාත වර්ෂාව නොතකා රාත්‍රිය මුළුල්ලේ පැවති මෙම මෙහෙයුමට ශ්‍රී ලංකා යුද හමුදාවේ 61 වැනි බල සේනාවේ සෙබළු 100කට අධික ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.
මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ, අත්තුඩාව, මාතර කොටුව සහ ගල්බැම්ම යන ප්‍රදේශවල දෙදහස් පන්සියයකට අධික ප්‍රමාණයක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන්ව ඇත.
ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් යුද හමුදාවත්, නාවික හමුදාව හා අපාදා දහන සැලසීමේ කණ්ඩායම් ද ක්‍රියාත්මක වෙමින් ඇත.