සූරියවැව නුවන් ජයසේකර –
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව යාල ජාතික වනෝද්‍යනයේ ගෝනගංආර ප්‍රදේශයේ සිදුකළ වැටලිමකින් ගංජා හේන් තුනක්, සැකකරුවන් 03ක් හා මෙරෙට නිශ්පාදත ගිනි අවියක් ජීව පතුරම් 10ක් කතරගම කාවන්තිස්සපුර විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 27,30 හා 36 වයසේ පසුවන සැකකරුවන් තිදෙනෙකි.
සැකකරුවන් තිදෙනා එක්ව වනෝද්‍යානයේ ස්ථාන තුනක අක්කර 03ක පමණ භූමියක මෙලෙස ගංජා වගා කර තිබේ.වැටලීමෙන් ගංජා හේන් තුනෙහිම තිබී ගංජා පැල 190,000කට ආසන්න ප්‍රමාණයක් ගලවා ගිනි තබා විනාශ කර ඇත.
එක් සැකකරුවෙක් සන්කතයේ තිබි මෙරට නිශ්පාදිත ගිනි අවියක් හා ඊට යොදන ජීව පතුරන් 10ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගෝනගංආර පොලිසියට බාර දි තිබේ.







