ගංජා පිළිබඳ පර්යේෂකයකු වන ආචාර්ය වසන්ත වැලිඅංග තණමල්විලදී අද අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු කතරගම දේවාල භූමියට අයත් ඉඩමක ගංජා වගා කරන බවට පොලීසියට ලද පැමිණිල්ලකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමග එම ඉඩමේ වගා කර තිබූ ගංජා පැළ ප්‍රමාණයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රෛලෝකවිජයා නම් ගංජා ශාකයේ භාවිතාවන් සහ ඒ සම්බන්ධයෙන් සිදු කර ඇති විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ ග්‍රන්ථයක් ද පළකර ඇති ආචාර්ය වසන්ත වැලිඅංග පසුගිය කාලය පුරා ගංජා නීතිගත කිරීම හඬ නැගූ පුද්ගලයෙක් වන අතර ඔහු ගංජා සම්බන්ධ පර්යේෂණ ද සිදු කරමින් සිටින පුද්ගලයෙකි.
කෙසේ වෙතත් ඔහුට පර්යේෂණ සදහා සඳහා කිසිදු නීතිමය අවසරයක් ලබාගෙන නොමැති බව පොලීසිය පවසයි.
ඔහු හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.