දිගු කාලයකට පසු හෙට (21) සිට ධාවනය කිරීමට නියමිතව තිබූ සියලු දුම්රිය යළි දැනුම් දෙනතෙක් අවලංගු කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති කසුන් චාමර මහතා පවසයි.
සියලුම මෙහෙයුම් කාර්ය මණ්ඩල යළි දුම්රිය ආරම්භ කිරීම සඳහා කැඳවා තිබුණද දෙපාර්තමේන්තුව විසින් නැවත දන්වන තුරු දුම්රිය ධාවනය අවලංගු කිරීමට ඊයේ තීරණය කර ඇත.
දුම්රිය ධාවනය සඳහා මේ වනවිට සියලු වන විට සියලූ කටයුතු සූදානම් වෙමින් පැවතියද යළි නිවේදනය කරන තෙක් දුම්රිය ධාවනය නොවන බව ඔහු සඳහන් කර ඇත
මෙම හදිසි අවලංගු කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ තමන් නොදන්නා බවත් කොවිඩ් කමිටුව විසින් දුම්රිය ධාවනය සඳහා තවමත් අනුමැතිය නොදීම ඊට හේතු වන්නට ඇති බව ද කසුන් චාමර මහතා අද හමුවේ කියා සිටියේය.