ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ රාත්‍රියේ දී අවමංගල අවස්ථාවට සහභාගී විය.
හදිසි හෘදයාබාධයකින් මාවනැල්ල රෝහලේ දී මිය යන විට ඔහු 38 වැනි වියේ පසුවූයේය.
කෝසල නුවන් ජයවීර දේශපාලනයට පිවිසෙන්නේ මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය නායකයෙක් ලෙසිනි. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙවැනියට වැඩිම මනාප හිමි කරගත් තරුණ ජනතා නායකයා කෝසලය.







