බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝපි පැකට්වල සඟවා වීරකැටියේ සැඟවූ හෙරොයින් කිලෝ 101ක කතාව…

by editor
මැයි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වීරකැටිය පොලීසිය අතුබෝදය ප්‍රදේශයේ කළ වැටලීමකදී ගරාජයක හිමිකරුවකු වන ටින්කරින්වරයකු සහ බේකරිකරුවකු සමඟ අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 101ක් අඩංගු පැකට් 92 සම්බන්ධව මේ වනවිට විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය වී තිබේ. අනාවරණය වී ඇති ආකාරයට කතාව මෙසේය.

මේ ටින්කරින් බාස් සහ බේකරිකරුවා යන දෙදෙනාම අවුරුදු විසි ගණන්වල තරුණයින්ය. මෙම තරුණයින්ට සතියකට පමණ පෙර කොළඹ රැඳී සිටින බව කියන ඔවුන් දන්නා කියන වීරකැටියේ පදිංචි පුද්ගලයෙක් දුරකතන ඇමතුමක් දී ලොරි රථයකින් බඩු ටිකක් එවන බවත් එය ආරක්ෂිතව සඟවා තබාගෙන සිටින ලෙසත් පවසා ඇති බව සඳහන්ය. අනුව මේ තරුණයින් දෙදෙනා ඒ යෝජනාවට එකඟ වී ඇත්තේ බඩු මොනවා දැයි අවබෝධයකින් තොරවය.

දින 04කට පසු හදිසියේ මෙම තරුණයෙකුගේ දුරකථනයට ඇමතුමක් ලැබී ඇත. බඩු රැගෙන ලොරියක් පැමිණ ඇති බවත්, නිවස ඉදිරිපිට ඇති ලොරියෙන් ඒ බඩු ටික බා ගැනීම සඳහා පුලුවන් ඉක්මනින් එම ස්ථානයට එන ලෙසත් මුලින් කතා කළ තරුණයින්ගේ හිතවත් පුද්ගලයා දැනුම් දී තිබේ. පැය බාගයක් ඇතුළ තරුණයින් තම වැඩබිම අසලට පැමිණ ඇත.

ලොරිය වත්ත තුළට ඇතුළු කර ඇත. තරුණයින්ට දැනුම් දුන් “බඩු” තොගය තිබී ඇත්තේ ලොරි රථයේ බඳ කොටසේ ඉතා සූක්ෂ්මව සඟවාය. බඩු බැලූ බැල්මට පෙනෙන්නේ කෝපි ඇසුරුම් ලෙසය. බඩු පැටකට් 82කි. ඒ සමගම තරුණයෙකුගේ දුරකථනයට ඩුබායිවලින් ඇමතුමක් ලැබී ඇත. ඩුබායි ඇමතුමේ දී කතා කළ පුද්ගලයා පවසා ඇත්තේ මේ ඇත්තේ මත්කුඩු බවත් මේ මත්කුඩු තොගය ආරක්ෂ කළ යුතු බවත් දන්වා ලොරියේ චැසියෙන් මත් කුඩු ගන්නා ආකාරය, මත්කුඩු සඟවන ආකාරය ඇතුළු සියලුම අවස්ථා එම තරුණයා ලවා වීඩියෝ කෝල් වලින් දකිමින් නිරීක්ෂණය කර තිබේ. අනතුරුව තරුණයා ලවා සියලුම අවස්ථා ඡායාරූපගත කරවා තමන් වෙත වට්ස්ඇප් මාර්ගයෙන් ගෙන්වාගෙන ඇත.

ලොරි බඳේ අසුරා තිබූ කුඩු…

පොලිසියට මේ තරුණයින් පවසා ඇත්තේ මේ වනවිට තමන් සිදුවන දේ ගැන කරකියාගත හැකි දෙයක් නොමැති තත්ත්වයක් සිටි බවය. අනතුරුව ඔවුන් මේ කටයුත්තට තමන් සම්බන්ධ කළ පුද්ගලයා අමතා මෙවැනි වැඩ නොකරන ලෙසත් පොලිසියට හෝ යම් තොරතුරක් ලදහොත් මහා විනාශයක් තම ජීවිතවලට සිදුවන බවත් දන්වා ඇත. එහිදී අදාල පුද්ගලයා පවසා ඇත්තේ “බය වෙන්න එපා. ඕව කුඩු නෙමෙයි. පොලීසියට හසුවුණොත් මුකුත් වෙන්නේ නැහැ” යනුවෙන් බව තරුණයින් පොලිසියට පවසා තිබේ. බඩු ටික ප්‍රවේශමෙන් තබා ගත්තොත් තරුණයින් දෙදෙනා ගැන ද බලා ගන්නා බව මෙම පුද්ගලයා පවසා ඇත.  තරුණයින් එයින් සෑහීමකට පත් වූ බව විමර්ශන අංශවලට පෙනී ගොස් තිබේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

කෙසේ වෙතත් ලොරියේ චැසිය ගලවා “බඩු බෑම” අසල්වැසියෙක් දැක ඒ සම්බන්ධව පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ වීරකැටිය පොලිස් ස්ථානයේ සේවයේ නිරත නිලධාරියෙකුටය. ඒ පෙරේදා (21) රාත්‍රී කාලයේදීය. එම නිලධාරියා ඒ බව වීරකැටිය පොලිස් ස්ථනාධිපති දැනුම්වත් කිරීමෙන් අනතුරුව වැටලීම දියත් කර ඇත්තේ ඊයේ (22) අලුයම් කාලයේදීය. එම වැටලීමේදී සඟවා තිබූ “බඩු” තොගය හමුවිය. කෝපි පැකට්වල අසුරා තිබුණේ හෙරොයින්ය. කිලෝ 101ක් බර පැකට් 92කි. අනතුරුව මත් කුඩු තොගය පර්යේෂණාගාර දෙකක දී රසායනික පරීක්ෂණවලට ලක් කර එහි අන්තර්ගතය ගැන තහවුරු කරගෙන තිබිණි. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සවස් කාලයේ පැමිණ විමර්ශන සිදුකර තිබුණි. සැකයක් නැත බඩු ටික ඔරිජිනල්ම හෙරොයින්ය.

මෙම මත්කුඩු තොගය සඟවා තිබී ඇති ස්ථානයේ බේකරියක් සහ ගරාජයක් සහ නිවෙසක් ඇති බව පොලීසිය සඳහන් කරයි. මත්කුඩු තොගය සඟවා තිබුණේ යැයි පොලීසිය සඳහන් කරනු ලබන්නේ නිවෙස තුළය.

.මෙම පරීක්ෂාවන්ගෙන් පසු සැකකාර තරුණයින් දෙදෙනා රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වයි.
මත්කුඩු ගෙනා ලොරි රථය සහ එම රථයේ මත්කුඩු තොගය අසුරා තිබුණු අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද එක් සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබී පොලීසිය සොයාගෙන ඇත. ඒ ඔස්සේ මත්කුඩු තොගය අතුබෝදරට රැගෙන ආ ලොරි රථය සහ රියදුරු සොයා විමර්ශන කණඩායමක් ඊයේ සිටම ක්‍රියාත්මකය.

මෙම මත්කුඩු තොගය මෙම ස්ථානයට රැගෙනවිත් සැඟවීමට අවශ්‍ය කටයුතු සම්බන්ධිකරණය කළ පුද්ගලයා කොටුකර ගැනීමට ද විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය. ( දිනමිණ )

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලුණු අවුල ලිහෙයි… ඉන්දියාවෙන් ආපු ලුණුවල කතාව…

Next Post

රත්තරන් T-56 සිද්ධිය – දුමින්ද දිසානායක අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.