නාවික හමුදාව හා සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව කළ මෙහෙයුමකින් කෝටි තුන්සීයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මාරවිල දී අත්අඩංගුවට ගැනීමට අද (06) සමත් විය.
මේ මත්ද්‍රව්‍ය තොගයට හොරොයින් කිලෝ ග්‍රෑම් සීයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් සීයක් අයත් බව ආරක්ෂක අංශ පවසයි.
මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන විත් තොඩුවාව ප්‍රදේශයෙන් ගොඩ බෑමෙන් අනතුරුව මෙම මත්ද්‍රව්‍ය තොගය බෘෘම් ට්‍රක් රථයක ජෙනරේටරය තුළ සඟවා තබා ප්‍රවාහනයට සූදානම් කර තිබී ඇත. ට්‍රක් රථය අත්අඩංගුවට ගන්නේ නිවසක මිදුලේ නවතා තබා තිබිය දී ය.
මෙම මත්ද්‍රව්‍ය තොගවල ඇසුරුම් මීට පෙර අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ඇසුරුම්වලට වඩා වෙනස් බවත් මේ සම්බන්ධව පුළුල් ලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් විමර්ශන අංශ පවසයි. දැනට පුද්ගලයින් 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.