රුපියල් කෝටි 22කට වැඩි වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් 17 ක් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මුරකාර සේවකයෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මුරකරු විසින් මෙම රත්තරන් තොගය අපද්‍රව්‍ය බැහැර කිරීමේ නයලයක් ඔස්සේ බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයෙන් පිට කිරීමට උත්සාහ කර තිබිණි.
මෙම රත්‍රන් තොගය ඩුබායි සිට ගෙනැවිත් ගුවන්තොටුපළෙන් පිටතට ගෙන ඒම සඳහා නාඳුනන පුද්ගලයෙකු හෝ පාර්ශවයක් විසින් ගුවන් තොටුපළේ මුරකරුට භාර දී ඇතැයි සැක කෙරේ.