ලලිත් චාමින්ද –
එක්සත් ජාතින්ගේ සාමසාධක ව්‍යාපෘතියේ රාජකාරි සඳහා රැගෙන යාමට රුපියල් මිලියන 1780ක මුදලක් වැයකොට මිලදී ගනු ලැබු වාහන ඇතුළු අනිකුත් උපකරණ වසර 01 සිට 05ත් අතර කාලයක සිට නඩත්තු කරමින් නිශ්කාර්යයව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
මෙම භාණ්ඩ සදහා ලබාදි ඇති වගකිම් කාලය උපයෝජනයකින් තොරව ඉකුත්විම හා උපකරණ නිෂ්ක්‍රිය පැවතිමෙන් සිදුවන හානි පිළිබද අවදානම විගණනයේ දි බැහැරකළ නොහැකි බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ව්‍යාපෘතියේ රාජකාරි සදහා 2017 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ වාහන 42ක් මිලදි ගෙන තිබුණි. මෙම වාහන කටුකුරුන්ද, හොරණ හා ගෝනහේන යන විශේෂ කාර්ය බලකා කඳවුරතුළ ස්ථානගතකර නඩත්තු කටයුතු සිදුකරමින් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ සදහා මිලදිගෙන ඇති අනිකුත් භාණ්ඩ හා උපකරණ කටුකුරුන්ද පුහුණු පාසල තුළ නඩත්තු කර පවත්වාගෙන යනු ලබන බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශය සම්බන්දයෙන් 2022 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.