බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පූටින්ගේ කුලී හමුදාව පූටින්ට එරෙහිව ඇරඹූ යුද්ධය..!

පිටිපස්සෙන් ඉඳ පිහියෙන් ඇන්නා... දරුණුම දඬුවම සඳහා සුදානම් වන්න... පූටින් වැන්ගර් සටන් කරුවන්ට දන්වයි...

by editor
ජූනි 24, 2023 - Updated on ජූනි 28, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

නේටො කඳවුරට සතුටක් උපදවමින් රුසියානු නායක වැල්දිමීර් පූටින් අලුත් අර්බුදයකට මුහුණ දී සිටින්නේය.

ඒ මෙතෙක් රුසියාව වෙනුවෙන් සටන් කළ රුසියාව විසින් මෙහෙයවනු ලබන   නිල නොවන කුලී හමුදාවක් වූ වැග්නර් හමුදාව රුසියාවට එරෙහිව කැරැල්ලක් ප්‍රකාශ කිරීමය.

වැන්ගර් හමුදා ප්‍රධානි යෙව්ගින ප්‍රෙගෝෂින් සිය භමුදා සාමාජිකයින් දෙදෙනෙක් සමග…

වැග්නර් පුද්ගලික හමුදා සමාගම යනු රුසියානු පැරාමිලිටරි සංවිධානයකි. වැග්නර්  කුලී හේවායන්ගෙන්  සමන්විත‍ෙපෞද්ගලික හමුදා   ජාලයක් හෝ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ තථ්‍ය පෞද්ගලික හමුදාවක් ලෙස සැලකේ.

රුසියාවේ  පුද්ගලික හමුදා සමාගම් නිල වශයෙන් තහනම්ය.  ඒ අනුව මෙම ක්‍රියාත්මක වන්නේ නීතියට ඔබ්බෙනි.

ප්‍රතිපත්ති පර්යේෂණ සඳහා එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාල මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක එරිකා ගැස්ටන් සඳහන් කළේ, වැග්නර් සමූහය මතවාදීව ධාවනය නොවන බවත්, ඒ වෙනුවට “රුසියානු ආරක්ෂක රාජ්‍යයට සම්බන්ධ” කුලී හේවායන්ගේ ජාලයක් බවත්ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වැග්නර්  හමුදාව රුසියානු අවශ්‍යතා සඳහා සහය දැක්වීම සඳහා ක්‍රියාත්මක වන නිසා, එයට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයෙන්  ආයුද සහ යුද පුහුණුව ලබා දෙයි. ඒ අනුව යුද විශේෂඥයන් විශ්වාස කරන්නේ වැග්නර්  හමුදා කණ්ඩායම      රුසියාවේ හමුදා බුද්ධි ඒජන්සිය වන GRU හි තථ්‍ය ඒකකයක් බවය.

වැන්ගර් හමුදා සටන් ප්‍රකාශ කළ පසු සිය ප්‍රධානියා සමග

රුසියාව කුලීහමුදාවක් භාවිත කරන්නේ ඇයි.

රුසියානු රජය විසින් වැග්නර් හමුදාව  මෙතෙක් භාවිති කළේ  යම් යම්මි ලිටරි කාරණා නිල වශයෙන්  පිළිගත ආකාරයට ප්‍රතික්ෂේප කිරීමටය. මක් නිසාද යත් මෙම හමුදා කණඩායම නිල වශයෙන් නොපවතින බැවිනි.

 Wanger-Army
වැන්ගර් හමුදාව

එමෙන්ම  රුසියාවේ යුද මැදිහත්විම් වලදි සැබෑ ජීවිත හානි සහ මූල්‍ය පිරිවැය වසන් කිරීමට වැග්නර්  හමුදා යොදා ගත් බවට පුළුල් අනුමානයක් විය. .

වර්ෂ  2014 සිට 2015 දක්වා ස්වයං-ප්‍රකාශිත ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේ රුසියානු හිතවාදී බෙදුම්වාදී බලවේගවලට උපකාර කළේ මෙම කන්ඩායම්ය.

යුක්රේනයේ ඩොන්බාස් යුද්ධයේ දී  වැග්නර්  හමුදා   කණ්ඩායම ප්‍රමුඛත්වයට පත්විය. මෙම හමුදා    සිරියාව, ලිබියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ මාලි යන රටවල සිවිල් යුද ගැටුම්වල දී  බොහෝ විට රුසියානු රජය සමඟ පෙලගැසී සිටින බලවේගයන්ගේ පැත්තෙන් සටන් කර තිබුණු බව වාර්තා විය.

එමෙන්ම මෙම කුලී හමුදාව යුද අපරාධ විශාල ප්‍රමාණයක් සඳහා චෝදනා ලැබ තිබුණේය.  සිවිල් වැසියන් කොල්ල කෑම , කාන්තාවන්   දූෂණය කිරීම   චෝදනාවට ලක් වූ පලාගිය අයට වධහිංසා පැමිණවීම පිළිබඳ බහුල වශයෙන් මේ කණ්ඩායමට චෝදනා නැගුණි.

යුක්‍රේන යුද්ධයේ වැග්නර් හමුදා  භාරය –

වැග්නර් හමුදාව යුක්රේන යුද්ධයේ විශාල කොටසරක් ආවරණය කළ හමුදාවකි.

යුක්‍රේන නායකයින් ඝාතනය කිරීමට යොදවා ඇති බවට වාර්තා වන්නේ මෙම හමුදාවය.  මෙම හමුදාව සඳහා රුසියාවෙන් සිරකරුවන් පෙරටුගාමී සටන් සඳහා බඳවාගෙන ඇතැයි විදේශ මූලාශ්‍ර හෙලි කළේය.   දෙසැම්බරයේ දී, එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ උපාය මාර්ගික සන්නිවේදන සම්බන්ධීකාරක ජෝන් කර්බි කියා සිටියේ, කොන්ත්‍රාත් ගත හේවායන් 10,000 ක් සහ අධිකරණයෙන් වැරදිකරුවන් වී සිර දඬුවම් විඳින 40,000 ක් ඇතුළුව, වැග්නර් කුලී හමුදාව සතුව යුක්රේන සටන සඳහා සටන්කරුවන් 50,000 ක් සිටින බව ය.

තවත් පිරිසක් පවසන පරිදි  බඳවාගත් සිරකරුවන් සංඛ්‍යාව 20,000කට වඩා වැඩි නොවේ.   2023 දී, ආක්‍රමණයට සහභාගී වූ වැග්නර් කොන්ත්‍රාත් හේවායන්ට සටන් ප්‍රවීණත්වය ලබා දී තිබුනේ  රුසියාව විසිනි.

ඇති වී තිබෙන කැරැල්ල

රුසියාව වෙනුවෙන් යුක්‍රේනයේ සටන් වදින සිය හමුදා සේනාංකවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වැග්නර් ප්‍රධානී යෙව්ගිනී ප්‍රිගෝෂන් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාට ඊයේ (23) චෝදනා කළේය.

2023 ජුනි 24 වන දින දකුණු රුසියානු නගරයක් වන රොස්ටොව්-ඔන්-ඩොන් හි සාප්පු සංකීර්ණයක් අසල සන්නද්ධ පිරිස් රැඳී සිටින ආකාරය…

අනතුරුව ඔහු සිය හමුදා ඛණ්ඩ මෙහෙයවමින්  රුසියානු නායකත්වයට එරෙහිව කැරැල්ලක් දියත් කළේය. මූලික වාර්තා හෙලිකරන පරිදි යෙව්ගිනී ප්‍රිගෝෂන්  විසින්  මෙතෙක් යුක්රේන් යුද පෙරමුණේ සිට වැග්නර් හමුදා ඒකක ඉවත් කරගෙන   ගෙන රුසියාවේ Rostov Oblast හි Rostov-on-Don වෙත මහෙයවනු ලැබ තිබිණි.

මේ වනවිට රුසියාවේ වැග්නර්  කුලී හේවා   බලකායේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් කියා සිටියේ තම හමුදාව රුසියාවට ඇතුළු වී ඇත්තේ රටේ ඉහළම හමුදා නායකත්වය ඉවත් කිරීමට බවය.

රුසියාවේ   Rostov-on-Don හි හමුදා ස්ථාන තම හමුදා පාලනය කරන අද ප්‍රිගොෂින් ප්‍රකාශ කළේය.

නගරයේ හමුදා මූලස්ථානය රුසියාවට ඉතා වැදගත් වන්නේ එය  යුක්රේනයේ සටන් අධීක්ෂණය කරන බැවිනි.

මේ අතර  සමාජ මාධ්‍යවල පළ කරන ලද අනෙකුත් වීඩියෝවල වැග්නර් හමුදාවන්හි  යුද ටැංකි ඇතුළු හමුදා වාහන පිටත වීදිවල දක්නට ලැබුණි.

කැරලිකාර හමුදා නායකයා රුසියාවේ  යුක්‍රේන  ආක්‍රමණය ප්‍රශ්න කරයි..

Yewgeni-Presozion
වැග්නර් ප්‍රධානි යෙව්ගිනී ප්‍රිගෝෂන්

 මේ අතර රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ ඇයිද යන්න පිළිබඳ වූ   ක්‍රෙම්ලින් නිල ප්‍රකාශය   වැග්නර් ප්‍රධානි යෙව්ගිනී ප්‍රිගෝෂන්  අද  ප්‍රශ්න කළේය.

මාස ගනනාවක් තිස්සේ යෙව්ගිනී ප්‍රිගෝෂන්  රුසියානු ආරක්ෂක ඇමති Sergey Shoigu සහ රුසියාවේ ඉහලම ජෙනරාල් Valery Gerasimov ගේ අකාර්යක්ෂමතාවය සම්බන්ධව චෝදනා කළ බව සැබෑය.  නමුත් යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියාවේ මූලික යුක්තිසහගත කිරීම් ඔහු විසින් ප්‍රතික්ෂේප කළ මුල්ම අවස්ථාව මෙයය.

“ආරක්ෂක අමාත්‍යාංශය උත්සාහ කරන්නේ සමාජය සහ ජනාධිපතිවරයා රවටා යුක්‍රේනයෙන් පිස්සු ආක්‍රමණක් සිදුවූ ආකාරයත්  යුක්‍රේනය  මුළු නේටෝව සමඟ අපට පහර දීමට සැලසුම් කරන ආකාරයත් පිළිබඳ කතාවක් අපට පැවසීමටයි”  යනුවෙන් යෙව්ගිනී ප්‍රිගෝෂන් සිකුරාදා  ඔහුගේ  ටෙලිග්‍රෑම් ගිනුම හරහා  නිකුත් කරන ලද වීඩියෝ පටයකින් පැවසීය.

ඊයේම  තවත් විඩියෝ සහ ශ්‍රව්‍ය  පට කීපයක් නිකුත් කළ ප්‍රිගොෂින්  රුසියාවේ ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු රුසියාව වෙනුවෙන් තම හමුදා සටන් කරන යුක්රේනයේ වැග්නර් කඳවුරු ක්ෂේත්‍රට රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කළ බවට චෝදනා කළේය.

පූටින්ගේ ප්‍රතිචාරය

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම කැරැල්ල හෙළා දුටුවේය. එය “අපේ රටේ සහ අපේ ජනතාවගේ පිටුපසට පිහියෙන් ඇනීමක්” පූටින් ප්‍රකාශ කලේය.

පූටින් සහ ප්‍රෙගොෂන්…

“කැරැල්ලට සූදානම් වූ සියල්ලන්ටම නොවැළැක්විය හැකි දඬුවමක් ලැබෙනු ඇති. ත්‍රිවිධ හමුදාවට සහ අනෙකුත් රජයේ ආයතනවලට අවශ්‍ය නියෝග ලැබී තිබේ,” පුටින් අද (24) රූපවාහිනියෙන්  ජාතිය අමතමින්   පැවසීය.

මීට පෙර, රුසියාවේ ආරක්ෂක සේවා කියා සිටියේ කැරැල්ලක් ලෙස ඔවුන් විස්තර කරන දෙය දියත් කිරීම  සම්බන්ධයෙන් යෙව්ගනි ප්‍රිගොෂින් කි   සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

මේ අතර  වැග්නර් කුලී හමුදා සමූහයේ ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින්, ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ “ද්‍රෝහී” චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ඔහුගේ හමුදා යුක්රේනයේ සිට රුසියානු දේශසීමා නගරයක් වන රොස්තොව්-ඔන්-ඩොන් වෙතට ඇතුළු වී දැන් පවසන්නෛ තමන් නවත්වන්නට  උත්සාහ කරන ඕනෑම කෙනෙකුට එරෙහිව සටන් කිරීමට සපථ කරන බවයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝටි 178ක අලුත්ම වාහන ඇතුළු උපකරණ තොගයක් නිශ්ප්‍රයෝජනව STF කඳවුරු 03ක… විගණනය හෙලි කරයි!

Next Post

ගුවන්තොටුපලේ සිට එන ටිකට ප්‍රහාරයක් එල්ල නොවීම සඳහා ජනපතිගේ ආරක්ෂාව තහවුරු කරන්න දේශබන්දුගෙන් නියෝග මාලාවක්!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.