බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 138ක බදු අහිමි කළ මනුෂගේ විද්‍යුත් වාහන බලපත්‍ර මගඩිය ගැන විගණනය කළ හෙළිදරව්ව…

by editor
දෙසැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • කවදාවත් විදේශගත නොවූ අයටත් තීරු බදු රහිත වාහන බලපත්‍ර දීලා… මාස තුනකට අඩුවෙන් විදෙස් ගතවී සිටි 419කටත් පර්මිට් එක… වාහන ගත්තු 64ක ගේ ෆයිල් මිසිං…. බලපත්‍ර නිකුත් කිරීමට  කැබිනට් අනුමැතිය ලැබුණ මූලික නිර්දේශ 04ක් උල්ලංඝණය කරලා චක්‍ර ලේඛයක්තු ගහලා…

විදෙස්ගත ශ්‍රමිකයින්ට  මෙරටට විද්‍යුත්වාහන  ගෙන්විමේ  යෝජනා ක්‍රමය යටතේ  ආනයනය කර තිබු  විද්‍යුත් වාහන  510 සදහා  පමණක් සුඛෝපභෝගි බදු නිදහස් සිමාව  රුපියල් මිලියන 06 සිට  රුපියල් මිලියන 12 දක්වා ඉහළ දැමිම හේතුවෙන් රජයට අයකරගත හැකිව තිබු රුපියල් මිලියන  1,384 ක බදු ආදායමක්  අහිමිවි  ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

අයදුම්පත් භාර ගැනීමත් අක්‍රමවත්… ලිපි ගොනු 64ක් අතුරුදහන්

විදෙස්ගත ශ්‍රමිකයින්ට  මෙරටට විද්‍යුත්වාහන  ගෙන්විම සදහා බලපත්‍ර  නිකුත් කිරිමට අදාළව  අයදුම් පත් භාරගැනිම, පරික්ෂා කිරිම, බලපත්‍ර නිකුත් කිරිම, අවලංගු කිරිම ඇතුළු  සියලු කරුණු කම්කරු හා විදේශිය රැකියා අමාත්‍යංශයේ  නිලධාරින් කිහිප දෙනෙකු  විසින්  අක්‍රමවත් පරිදි සිදුකොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

එම නිසා මෙකි යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන සදහා බලපත්‍ර නිකුත් කිරිමේදී   බරපතල ලෙස විනිවිදභාවය කඩකර තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම බලපත්‍ර නිකුත් කිරීමට අදාළ  ලිපිගොනු 64ක්  විගණනයට ඉදිරිපත් කිරීමට  කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කටයුතු කර නොතිබුණි. ඒ අනුව මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළ  කිසියම් ආකාරයකින් අක්‍රමිකතා හෝ  අවභාවිතා විම සිදු නොවුයේ යැයි විගණනයට බැහැර කළ නොහැකි බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කම්කරු ලේකම්වරයා අනීතිකව යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීමේ  බලය අරන්

විද්‍යුත් වාහන සඳහා තිරුබදු නිකුත් කිරිමේ දි  දැනට ක්‍රියාත්මක රජයේ අධිකාරි ආයතනය වන  මහා භාණ්ඩාගාරයේ වෙළද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්මේන්තුව  හෝ  ආනයන අපනයන පාලක වෙත මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිමේ දි බලපත්‍ර නිතුත් කළයුතු බවට  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දි තිබුණි. එහෙත් ආනයන අපනයන පාලක වෙත එම කටයුතු පැවරීමකින් තොරව  කම්කරු හා විදේශිය රැකියා අමාත්‍යංශයේ  එවකට හිටපු ලේකම්වරයා විසින්   එම කටයුතු පවරාගෙන තිබුණි. මේ නිසා හිටපු ලේකම්වරයා  අධිකාරි බලය අවභාවිතා  කොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම  යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනිමට නම්  2022 වර්ෂයේ මැයි මස 01 දින සිට  2023 සැප්තැම්බර් මස 15 වැනි දින  දක්වා කාලසීමාව තුළ  විදේශ රටක සේවා නියුක්තිව සිටින අයෙකු විය යුතුය. එහෙත්  මේ බව තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් අමාත්‍යංශය විසින් අනුගමනය කරනොතිබුණි.

විදේශගත නොවූ පුද්ගලයින්ටත් බලපත්‍ර දීලා…

විදේශගත නොවු පුද්ගලයින්  හතර දෙනෙකු වෙනුවෙන්  අදාළ නිති රීති රේගුලාසි නොසලකා විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමට අමාත්‍යංශය විසින් පියවරගෙන තිබුණි. 

මෙකි පුද්ගලයින් 04 දෙනාගේ බැංකු ගිණුම්වලට  අදාළ කාලසිමාව තුළ  ඇමරිකානු ඩොලර් 445,942ක විදේශ ප්‍රේෂණ ලැබි තිබුණි. විදේශගත නොවු පුද්ගලයින්ගේ බැංකු ගිණුම් සදහා ලැබි තිබු මෙම විදේශ ප්‍රේෂණ  මුදල් විශුද්ධිකරණය මගින් හෝ  වෙනත් අනීතික ආකාරයෙන් ලද මුදල් නොවන බවට  තහවුරුකරගැනිමට කටයුතු කර නොතිබුණි.

ඉතා කෙටි කාලයක් විදේශගතව සිටි 419කට තීරුබදු රහිත ආනයන බලපත්‍ර

එමෙන්ම දින 03 සිට මාස තුන දක්වා වු කෙටි කාලයක් තුල විදේශගතව සිට පැමිණි පුද්ගලයින්ට සහ  කඩින් කඩ විදේශගතවු  පුද්ගලයින් සදහා  මෙකි යෝජනා ක්‍රමට යටතේ බලපත්‍ර ලබාදිමට කම්කරු හා විදේශිය රැකියා අමාත්‍යංශය මගින් කටයුතු කර තිබුණි. ඒ අනුව ඉතා කෙටිකාලයක් තුළ  විදේශතව සිටි පුද්ගලයින් 419 දෙනෙකු වෙත විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත්කර තිබුණි. 

මෙකි යෝජනා ක්‍රමය යටතේ බලපත්‍ර ලාභින් සදහා වාහන ආනයනය කිරිමට පහසුකම් සපයන ආනයනකරුවන්  ලියාපදිංචි කිරිමට කම්කරු හා විදේශිය රැකියා අමාත්‍යංශය මගින් කටයුතු කර තිබුණ ද ඒ සඳහා  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හෝ  මුදල් අමාත්‍යංශයේ  නිර්දේශයක් ලැබි නොතිබුණි. එසේ ලියාපදිංචි කරණු ලබන ආයතන දෙකක් විසින්  බලපත්‍ර ලාභින් 640ක් සදහා  පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කරතිබුණි. එහෙත් වාහන ආනයන කටයුතු වෙනත්  පාර්ශව  මගින් සිදුකර තිබු බැවින්  ලියාපදිංචිකොට තිබු වාහන සදහා අතරමැදි ව්‍යාපාරික අවස්ථාවක්   නිර්මානය කොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

විගණන නිර්දේශ

 විද්‍යුත් වාහන ආනයනය කිරිමේ දි  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් කමිටු වාර්තාවේ  දක්වා තිබු වාහන ආනයනයට අදාළ  මුලික ප්‍රතිපත්තිමය කරණු හතරක්  උල්ලංඝණය කරමින්   චක්‍ර ලේඛයක් නිකුත්කර තිබුණි. මේ සම්බන්දයෙන් අදාළ බලධාරින්ට එරෙහිව  විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත. 

අදාළ කාලසිමාව තුල විදේශතවු බවට තහවුරුකර නොගෙන  හා නිශ්චිත වශයෙන්ම  විදේශිය ශ්‍රමිකයෙකු බවට තහවුරුකරනොගත්  පුද්ගලයින්ට බලපත්‍ර නිකුත් කිරිම සම්බන්දයෙන්  වැඩිදුර පරික්ෂාවක් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත. මෙහිද යම් අක්‍රමිකතාවයක් සිදුකර ඇත්නම්  ඒ සදහා වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව  නෛතික ක්‍රියාමාර්ග ගැනිමට හා  රජයට සිදුවි  ඇති අලාභය අයකරගැනිමටත් විගණනය මගින් නිර්දේශකොට  ඇත.

 එමෙන්ම මෙම කාලසිමාව තුල බලපත්‍ර ලාභී විගමණික ශ්‍රමිකයින්  බැංකු ගිණුම් තුළට විදේශ මුදල්  ප්‍රේෂණය කිරිමේ දි  ඒ තුළ මුදල් විශුද්ධිකරණයක් හෝ  වෙනත් අක්‍රමිකතාවයක් සිදුවිතිබේ ද  යන්න පිළිබද මහ බැංකුවේ මුල්‍ය බුද්ධි අංශය මගින් පරික්ෂා කළයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත. 

ප්‍රතික්ෂේපිත බලපත්‍ර ද ඇතුළුව  නිකුත් කරණු ලැබු බලපත්‍ර 1077ට අදාළව  බැංකු ගිණුම් තොරතුරු මහ බැංකුවේ මුල්‍ය බුද්ධි අංශය මගින් පරික්ෂා කිරිම ඇතුළු නිර් දේශ 10ක් මෙකි වාර්තාව මගින් ලබාදි ඇත.

 විද්‍යුත් වාහන ආනයනය කිරිම සදහා විදේස්ගත ශ්‍රමිකයින් වෙත බලපත්‍ර 1077ක් නිකුත්කර තිබු අතර ඉන් බලපත්‍ර 77ක් අවලංගු කරතිබුණි. නිකුත්කොට තිබු වාහන බලපත්‍ර 1000 අතුරින්  බලපත්‍ර 510කට අදාළව  පමණක් වාහන ආනයනය කොට තිබුණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුදල් ගෙවා ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදට පැමිණීමට ඉඩදීමේ දේවානන්දාගේ සැලසුම වත්මන් ධීවර ඇමතිගේ නියෝගයෙන් නවතී!

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රී “ටික් ටොක් අර්චුනා” පොලිසිවලට කඩා වැදී උමතු වියරුව මුදා හරියි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.