ලලිත් චාමින්ද –
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කරතිබු ඖෂධ වර්ග 03ක් එවායේ නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් අලෙවි කිරිම නිසා සංස්ථාවට රුපියල් තුන්කෝටි අසු පන්ලක්ෂ අනුතුන්දහස් හත්සිය එකක (38,593,701) අලාභයක් වි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාල නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිශ්චය කර තිබු උපරිම විකුණුම් මිල ඉක්මවු මිලකට සංස්ථාව විසින් ඖෂධ වර්ග 07ක් නිෂ්පාදනය කොට තිබුණි.
එම ඖෂධ වර්ග නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් මිල නියමකර ඉකුත් වර්ෂයේ දි අලෙවිකොට තිබුණි.
නිෂ්පාදන අයිතම් අතුරෙන් අයිතම් දෙකක් සඳහා විවෘත වෙළදපොළේ අලෙවියට ඉල්ලුම් ලැබුණු බව සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන්කොට ඇත. එහෙත් එම නිෂ්පාදනයන් bhister ඇසුරුම් ලෙස ලබාදිමට ඇති පහසුකම් නොමැතිවිම හේතුවෙන් විවෘත වෙළද පොල තුළ මෙකී ඖෂධය අලෙවි කිරිමට නොහැකිවු බව කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.
ඉදිරියේ දි එම නිෂ්පාදනයන් විවෘත වෙළඳපොළට හදුන්වාදෙන අවස්ථාවකදි පිරිවැය හා වෙළදපොළ මිල ගණන් පදනම්කරගෙන මිල තීරණය කරණ බවද කළමණකාරිත්වය විසින් විගණනයට සදහන්කොට තිබුණි.