අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යූරියා  කිලෝ 50ක මල්ලක් වී ගොවීන් වෙනුවෙන්  රුපියල් දස දහසකට

by editor
ඔක්තෝබර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක්  රුපියල් 10,000 කට ලබා දීමට රජය තීරණය කර තිබේ.

ෙජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් සිදු කළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින්  මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඇමරිකානු ඩොලර් මිලියන 110 ක ලෝක බැංකු සහනදායී  හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට අද (28) ලැබී තිබෙන  ලැබී තිබිණි.

ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වැනි අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ ආධාරවලට අමතර සහායක් වශයෙන් මෙම ලෝක බැංකු ණය ප්‍රතිපාදන හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට දළ වශයෙන් මහ කන්නයේ  අස්වනු නෙළන සමයේ වී වගාව සඳහා යූරියා පොහොර ටොන් 150,000ක් පමණ අවශ්‍ය වේ. ඒය සම්පූර්ණයෙන්ම සැපයීමට හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර  සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ    තහවුරු කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කුඹුරු හිමියන්ට මෙම පොහොර සෘජුවම බෙදා හරිනු ලැබේ. අවම හෙක්ටයාර 2ක් දක්වා වී වගා කරන කුඹුරු හිමියන්ට තමන් වී සඳහා සකස් කර ඇති ප්‍රදේශය අනුව ස්ථාවර මලු ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව ලැබේ.

සෑම ගොවියෙකුටම මිලදී ගත හැකි උපරිම පොහොර ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත කෘෂි පාරිසරික කලාපය අනුව වෙනස්කම් සහිතව තීරණය වේ.

මීට අමතරව බඩඉරිඟු ගොවීන්ගේ වගා බිම් හෙක්ටයාර් 60,000ක් සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 12,000ක් ලබාදීමට නියමිත අතර, එහි කිලෝ ග්‍රෑම් 50ක මිල රුපියල් 15,000කි.

මේ වන විට යුක්ක්‍රේනයේ පවතින යුදමය වාතාවරණය සහ ලෝක භූ දේශපාලන තත්ත්වයන් තුළ ඉතාමත් අභියෝගාත්මක වෙළඳපොළ තත්ත්වයක් පොහොර නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

විකුණුම් වෙළඳපොළ මිල ඉහළ යමින් පවතින වාතාවරණයක  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යූරියා මෙට්‍රික් ටොන්  12,500ක්,  මෙට්‍රික් ටොන් 50,000ක්  සහ මෙට්‍රික් ටොන් 45,000ක් සැපයීමේ ගිවිසුම්  තුනකට අදියර තුනකදී අත්සන් තබා තිබේ.

තවත් යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමට ඉදිරියේ දී අත්සන් තැබීමට නියමිතය.

ඉන්දීය සහන ණය පදනම යටතේ මේ වන විටත් මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් ගොවීන් වෙත බෙදාහැරීම සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ලෝක බැංකුවේ සහාය ඇතිව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වරායේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන  වෙත සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල  සිට ගොවීන් වෙත පොහොර බෙදා හැරීම නිරීක්ෂණය කිරීම සඳහා  භූ සක්‍රීය අධීක්ෂණ පද්ධතියක් (GEMS ) යෙදවීමට පියවර ගෙන තිබේ.

පාරිසරික හා සමාජීය අවදානම් කළමනාකරණය, දුක්ගැනවිලි විසඳීම සහ බලපෑම නිරීක්ෂණය කිරීම සඳහා ද එම පද්ධතිය භාවිතා කරනු ලබයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි තුනහමාරක්  අතේ පාඩුවට කළ රාජ්‍ය ඹෟෂධ නීති ගත සංස්ථාවේ ඖෂධ අලෙවිය ගැන විගණනය ප්‍රශ්න කරයි…

Next Post

පොලිසිය ආඥාපනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උඩින් නැති බව පොලිස්පතිට කියා දෙන්න… මානව හිමිකම් කොමිසම පොලිස් ඇමතිට දන්වයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.