ලලිත් චාමින්ද –
වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු විවිධ තනතුරු දරණ නිලධාරින් 19 දෙනෙකු ඉකුත් වසර 07ක කාලය තුළ දී විනය විරෝධි කරුණු මත අනිවාර්ය නිවාඩු යැවිම් සහ වැඩතහනමකට ලක්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
ඒ සම්බන්දයෙන් විනය පරික්ෂණ ආරම්භකර වසර 01 සිට වසර 07 දක්වා කාලයක් ගතවී තිබුනද එම පරික්ෂණ නිම වි නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ගේ අක්‍රමිකතා නිසා වි අලෙවි මණ්ඩලයට සිදුවු තිස් එක් කෝටි,විසි හය ලක්ෂ, හැටදෙදහස් නමසිය විසි පහක පාඩුව (312,662,925) සම්බන්දයෙන් මොහු 2015 වර්ෂයේ මාර්තු මස 20 වැනි දින වැඩතහනමකට ලක්කොට තිබුණි. ඔහුට විරුද්ධව ඇති චෝදනා 77කි.
මොහු වැඩ තහනමකට ලක්කොට 2015 වර්ෂයේ සිට 2022 අගෝස්තු මාසය වනවිට වසර 07කට අධික කාලයක් ගතවි තිබුණද පරික්ෂණ අවසන් කර මණ්ඩලයට සිදුවු අලාභය අයකර ගැනිමට කටයුතුකර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ අතර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ( මෙහෙයුම්) විසින් වි අලෙවි මණ්ඩලයට රුපියල් එකොළොස් කෝටි විසිපන්ලක්ෂයක (112,500,000) පාඩුවක් සිදුකිරිම සම්බන්දයෙන් 2019 වර්ෂයේ මැයි 08 වැනි දින අනිවාර්ය නිවාඩු යවා තිබුණි. ඔහුට විරුද්ධව ඇති චෝදනා සංඛ්‍යාව 14කි.
මොහු 2020 ජනවාරි මස නැවත සේවයේ පිහිටුවා තිබුනද 2021 වර්ෂයේ ජනවාරි 25 වැනිදින නැවත වරක් අනිවාර්ය නිවාඩු යවා තිබුණි. මේ සම්බන්දයෙන් විමර්ශන කටයුතු සිදුකිරිමට කටයුතු කර නොතිබුණි.
එමෙන්ම විධිමත් විනය පරික්ෂණ පවත්වා විනය ක්‍රියාමාර්ග අවසන් කර ඇති නිලධාරින් 05 දෙනෙකුගෙන් වි අලෙවි මණ්ඩලයට රුපියල් හාරකෝටි දාහත් ලක්ෂ හතලිස් නව දහස් පන්සිය විසිහතරක(41,749,524) මුදලක් අයකරගත යුතු ලෙස දන්වා තිබුනද ඒ සම්බන්දයෙන් ගත් ක්‍රියාමාර්ග විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ අතර නිලධාරින් තිදෙනෙකු අනිවාර්ය නිවාඩු යවා වැටුප් ගෙවිම සිදුකරණු ලබන අතර මේ පිළිබද විමර්ශන කටයුතු සඳහා වසර 02 ක කාලයක් ගතවි ඇත. එහෙත් විමර්ශන කටයුතු අවසන් නොකිරිම නිසා එම නිලධාරින්ට වැටුප් ලෙස 7,306,327ක මුදලක් ගෙවා තිබුණි.