බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

“රටත් කලාවත් රැක ගන්න නම් සංවේදී නැණවත් මිනිසුන් බලයට පත් විය යුතුයි” – නදි කම්මැල්ලවීර

by editor
ජනවාරි 28, 2023
in කලා
Share on FacebookShare on Twitter

බීබීසී 

Sydney Theatre Awards යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වේදිකා නාට්‍ය සම්මාන උළෙල ලෙස සැලකේ. එම සම්මාන උළෙලේදී යම් නිර්මාණයක් සම්මානයට පාත්‍ර වීම ඔස්ට්‍රේලියාවේ මහත් ගෞරවයට පත් වන අවස්ථාවක් බව විචාරකයින්ගේ අදහසය.17 වන වරට පැවැත්වුන ම අන්තර්ජාතික පිළිගැනීමක් සහිත සම්මාන උළෙලේ සම්මාන 04ක් හිමිකරගත් The Jungle and the Sea වේදිකා නට්‍යයේ ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් වූ නදී කම්මැල්ලවීර චරිත දෙකක් රූපණය කළායබෙල්වොයර් තියටර් නාට්‍ය සමාගමේ නිෂ්පාදනයක් වන The Jungle and the Sea හි අධ්‍යක්ෂවරයා ඒමොන් ෆ්ලැක්ය. පිටපත ඒමොක් ෆ්ලැක් සහ එස්. ශක්තිධරන් එක්ව රචනා කර තිබේ. මේ සම්භාවනීය ප්‍රවේශය පිළිබඳව නදී කම්මැල්ලවීර බීබීසි සමග කළ සංවාදයක සටහන පහත දැක්වේ.

“Jungle and the Sea නාට්‍යයට තේමාව වුණේ ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරට මැදිවුණු සාමාන්‍ය පවුලකට අත්වුණු ඉරණම. එය ලංකාව සහ ඔස්ට්‍රේලියාව කියන රටවල් දෙකේ ම දිග හැරෙන කතාවක්. තමන් අවට සෑම දේ ම බිඳ වැටෙද්දීත්, ජිවිතය සහ අනාගතය පිළිබඳ අපේක්ෂා අත් නොහරින මිනිසුන් පිළිබඳ කතාවක්. ධර්මය සහ අධර්මය අතර තෝරාගැනීම් පිළිබඳ කතාවක්. එය එක අතකට කිසි දා නොමැකෙන තුවාල සහිතව, තමන්ගේ රටින් පලා යාමට බල කෙරුණු යුද්ධ සරණාගතයන්ගේ කතාවක්. තවත් අතකට ප්‍රේමය වෙනුවෙන් අතිදුෂ්කර තෝරාගැනීම් කළ ආදරවන්තයින්ගේ කතාවක්. තවත් පැත්තකින්, දේශපාලකයන්ගේ සහ විමුක්ති සටන් සංවිධානවල නායකයන්ගේ උද්දච්චභාවය, මමංකාරය සහ අවස්ථාවාදී දේශපාලන ප්‍රයෝග හමුවේ රටකට සහජීවනය කරා යාමට තිබුණු අවස්ථා ඛේදනීය ලෙස අහිමි වීම පිළිබඳ කතාවක්.”

Jungle and the Sea වේදිකා නාට්‍යයේ නදී කම්මැල්ලවීර චරිත දෙකකට පණ පොවන්නීය.

“මං මේ නාට්‍යයේ චරිත දෙකක් රඟපෑවා. එකක් මධු කියන චරිතය. එය කතාවේ ප්‍රධාන දෙමළ පවුලේ දියණියකගේ චරිතයක්. අනික් චරිතය දේව්ලා කියන, පුහුදුන් මිනිසුන් ඇසුරේ ජීවත්වීම ප්‍රකිත්ෂේප කරමින් කැලෑ වැදී, ස්වභාවධර්මයේ නියාමයන්ට අනුව ජීවත්වෙන, සමාජය විසින් ” පිස්සු ගෑනියෙන්” විදියට නම් කරන ලද වියපත් ස්ත්‍රියකගේ චරිතයක්,” නදී පැවසීය.
එම නාට්‍යයට සම්බන්ධ වීමට ඔබට අවස්ථාව හිමි වූයේ කෙසේ ද? යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් නදී කම්මැල්ලවීර සදහන් කළේ, එම අවස්ථාව තමන්ට අහම්බයකින් ලැබුණු එකක් නොවන බවය.
“මේ නාට්‍යය නිෂ්පාදනය කළේ සිඩ්නි වල බෙල්වොයර් තියටර් කියන නාට්‍ය සමාගමෙන්. එය අධ්‍යක්ෂණය කළේ ඒමොන් ෆ්ලැක්. පිටපත ලිව්වේ ඒමොන් සහ එස්. ශක්තිධරන් එකතුව. මං මේ දෙන්නා මීට කලින් නිර්මාණය කරපු Counting and Cracking කියන නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඊට පස්සේ ඒමොන් අධ්‍යක්ෂණය කරපු ඇන්ටන් චෙකොෆ්ගේ The Cherry Orchard නාට්‍යයේත් මං රඟපෑවා. ඒමොන් සහ ශක්ති එක්ක නිර්මාණ කීපයක් කරලා තියෙන නිසා වෙන්න ඇති Jungle and the Sea නාට්‍යයටත් මාව සම්බන්ධ කරගත්තේ .”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

The Jungle and the Sea නාට්‍යයේ ජවනිකාවක්

මෙම නාට්‍යයට නදී කම්මැල්ලවීර සමග තවත් ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධ වූ අතර ඔහු නමින් බිමන් විමලරත්නය. නාට්‍යයේ අහිලන් ඇතුළු තවත් චරිත කිහිපයකට ඔහු රංගනයෙන් දායක වේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිතවලට දරුණු ලෙස බලපෑ තත්ත්වයන් පිළීබද අත්දැකීම් ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් සිය නිර්මාණ සදහා යොදා ගැනීම විරල බව නදී කම්මැල්ලවීරගේ අදහස විය.

අපිට මගහැරුණු තැන්…

“මට හිතෙනවා 1983 කළු ජූලිය, 88-89 භීෂණ සමය, තිස් අවුරුදු සිවිල් යුද්ධය, යුද්ධයේ අවසාන අදියර වැනි රටේ ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කළ, රටේ සමස්ත සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන් කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරපු අත්දැකීම් අපේ රටේ නිර්මාණකරුවන් අතින් නිර්මාණවලට පාවිච්චි වෙන්නේ ඉතා අඩුවෙන් කියලා. විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ නාට්‍ය නිර්මාණවලට මේ අත්දැකීම් යොදාගෙන තියෙන්නේ හුඟක් අඩුවෙන්. තරුණ නිර්මාණකරුවන් යම්කිසි දුරකට මේවා ගැන කතා කළත් ප්‍රවීණ නිර්මාණකරුවන් අතින් ඒවා පදනම් කරගත් නිර්මාණ බිහි වෙලා තියෙන්නේ අතලොස්සක්. ඇත්ත, මේවා දුෂ්කර තේමාවන්. විවාදයකට බඳුන් විය හැකි, නිර්මාණකරුවන්ට විශාල අභියෝගයන් එල්ල කරන තේමාවන්. නමුත් අපිට ඒවා මග හැර යන්න පුළුවන් ද? නිර්මාණකරුවන්ට ‍වගකීමක් තියෙනවා තමන්ගේ රටේ මිනිස් ජීවිතවලට දරුණු ලෙස බලපාපු තත්ත්වයන් නිර්මාණාත්මක විග්‍රහයන්ට ලක් කරන්න. සමාජයක් හැටියට අපට අනෙකාගේ දුක් වේදනාවන් පිළිබඳ සානුකම්පිත බවක් ඇති කරන්න පුළුවන් එතකොටයි. සිංහල ප්‍රජාව දෙමළ ප්‍රජාවගේ අත්දැකීම් ගැනත්, දෙමළ ප්‍රජාව සිංහල ප්‍රජාවගේ අත්දැකීම් ගැනත් සවිඥානික වීමෙන් පමණයි අපට රටක් හැටියට සුවපත් වෙන්න පුළුවන්. මෙතනදි කලාකරුවන්ට ලොකු කාර්යභාරයක් පැවරෙනවා. මේ අදහස අවධාරණය කරන්න මං කැමතියි.”

The Jungle and the Sea නාට්‍යයේ ජවනිකාවක්

රටත් කලාවත් රැකගන්න සංවේදී මිනිසුන් බලයට පත් විය යුතුයි!

“රටක් මුළුමනින් ම ආර්ථික දේශපාලන වශයෙන් පරිහානියට පත්වෙද්දී ඒ රටේ නාට්‍ය කලාව රැක ගන්න කියලා කිසි දෙයක් කරන්න බැහැ. අපේ රට අද වැටිලා තියෙන අගාධයෙන් මුදවා ගැනීම තමයි පළමුව සිදු කළ යුත්තේ. නාට්‍ය කලාව ඔසවා තබන්නට නම් අපට රටක් හැටියට ජාතික මට්ටමේ සංස්කෘතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එසේ තිබිම අත්‍යවශ්‍ය බව දේශපාලකයන් විතරක් නෙමෙයි පොදු ජනතාවත් පිළිගත යුතුයි. දියුණු සංස්කෘතියක ජීවිතයක් පුරවැසියන්ට ලබා දීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගොඩගැගිය යුතුයි. ඒ කියන්නේ රට පුරා නාට්‍ය ශාලා, සිනමා ශාලා, පුස්තකාල, උද්‍යාන, එළිමහන් රංග පීඨ, ඕනෑ ම වෙලාවක නාට්‍යයක් බලලා ගෙදර යන්න පුළුවන් විදියට පහසු පොදු ප්‍රවාහන සේවාවන් ස්ථාපනය කළ යුතුයි. නාට්‍යයක් චිත්‍රපටියක් බලන්න ටිකට් එකක් ගන්න, සංගිත ප්‍රසංගයක් රස විඳින්න, පොත් ගන්න ආර්ථික හැකියාවක් සියලු පුරවැසියන්ට තිබිය යුතුයි. රාජ්‍ය මැදිහත් වී උසස් කලා නිර්මාණ වෙනුවෙන් අරමුදල් සම්පාදනය කළ යුතුයි. කලා සංස්කෘතික වැඩවල ආයෝජන කරන්නට ව්‍යපාරිකයන්ව දිරි ගැන්විය යුතුයි. නිදහසේ කලා නිර්මාණ කිරීමේ ප්‍රකාශන නිදහස රටේ ස්ථාපනය විය යුතුයි. මේ සියල්ල කරන්න නම් හැම දේට ම පළමුව රට ගැන කැක්කුමක් තියෙන රටේ ජනතාව ගැන සංවේදිබවක් තියෙන නැණවත් මානුෂික හදවත් ඇති මිනිසුන් බලයට පත් විය යුතුයි. රටේ පුරවැසියන්ගේ ජීවිත නගා සිටුවිය යුතුයි කියන සැබෑ අවංක අරමුණ සහිත නායකත්වයක් තවත් කල් නොයා බලයට නොපැමිණියොත්, අපේ රටේ නාට්‍ය කලාව නෙමෙයි, මනුෂ්‍ය ජීවිත ටිකවත් ඉතුරු වෙයි ද කියන්න බෑ.”

The Jungle and the Sea නාට්‍යයේ ජවනිකාවක්

ප්‍රේක්ෂක ප්‍රතිචාර

“ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. අපි එක දිගට සති 5 ක් පුරා නාට්‍ය දර්ශන වාර 41 ක් පෙන්නුවා. හැම දවසක ම නාට්‍ය ශාලාව පිරෙන්න සෙනග හිටියා. මං මේ කියන්නේ අතිශයෝක්තියක් නෙමෙයි. හැම දවසක ම පාහේ නාට්‍ය අවසානයේ ප්‍රේක්ෂාගාරය අසුන්වලින් නැගිටලා (Standing Ovation) තමන්ගේ ප්‍රසාදය පළ කළා. නාට්‍ය ගැන විචාරාත්මක සටහන් බොහොමයක් මාධ්‍යවල පළ වුණා. මේ නාට්‍යය, ඔස්ට්‍රේලියානු නාට්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ අවධානයට ලක් වුණු, ප්‍රශංසාවට බඳුන් වෙච්ච නිර්මාණයක්,” ඇය වැඩිදුරටත් පැවසීය.
මෙම නාට්‍යය සම්බන්ධයෙන් ‘ද ගාඩියන්’ පුවත්පත පළ කර තිබූ විචාරයක දැක්වුණේ, ‘ව්‍යාකූලත්වය, බලය සහ ප්‍රීතිය හා පැවැත්ම කෙරෙහි මිනිසුන් තුළ පවතින සහජ බුද්ධිය සහ තිරසර සංවේදනය විදහා දැක්වෙන ජයග්‍රහණයක් ලෙස මෙම නාට්‍යය සැලකිය හැකි,’ බවය.
‘සිඩ්නි නුවර මේ වන විට නැරඹීමට ඇති හොද ම නාට්‍යය මෙයයි,” යනුවෙන් ටයිම්අවුට් සගරාව පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ කොමිසමේ චාල්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළි නොගනී!

Next Post

කෝටි ගණන් වංචා කළ වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් 19ක් සම්බන්ධව පරීක්ෂණ අතර මග….

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.