දිනසේන රතුගමගේ –
රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් සිය අනියම් බිරියට ලබා දුන් යාපනය නගරයේ පදිංචි වයස අවුරුදු 58 ක පුද්ගලයෙකුට එම මුදලත් අනියම් බිරිදත් අහිමි වීම නිසා 20 දා ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.
මේ පුද්ගලයා විසින් කාලයක සිට යාපනයේ කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඇය ඔහුට පවසා ඇත්තේ ඇත්තටම තමාට ආදරේ නම් ලස්සන නිවසක් තනා දෙන ලෙසය.
අනියම් බිරියගේ ඉල්ලීම ඉටු කිරීම සදහා සිය පුතා විසින් විදේශ රටක සිට වරින් වර එවන ලද මුදල් වලින් රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් වියදම් කොට ඔහු අනියම් බිරිදට නිවසක් ඉදිකොට දී ස්වර්ණාභරණද මිලට ගෙන තෑගි කොට තිබේ.
දැනට මාස හතරකට පමණ පෙර එම කාන්තාව වෙනත් තරුණයෙකු සමග සබදකමක් ගොඩ නගා ගෙන අනියම් පුරුෂයා විසින් තනා දුන් නිවසේ ජීවත් වන්නට පටන් ගෙන ඇති අතර ඔහු බොහෝ සේ ඇවිටිලි කළද කාන්තාව මොහු සමග යළි ඇසුරු කිරීමට අකැමැත්ත පල කොට තිබේ.
මේ සිද්ධිය විදෙස් රටක සිටින තම පුත්‍රයටද ආරංචි වී ඇති අතර ඔහුට මුදල් නැති වීමත් අනියම් බිරිද අහිමි වීමත් යන හේතූන් නිසා ඔහු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
යාපනය පොලිසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.