ඉන්ධන සඳහා දැනෙන සහනයක් අප්‍රේල් මස ලබා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.
ලෝක වෙළෙඳපලේ බොර තෙල් මිල අඩුවීම සහ රුපියල ශක්තිමත් වීම යන කාරණා සලකා බලා එහි වාසිය ජනතාවට ලබා දෙන බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.
ඇමතිවරයා මෙසේ ද කීවේය.
“මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදුකරනවා. මිල සූත්‍රය ක්‍රියාත්මක වුණේ මාසයකට වතාවක්. ඒ මාසෙකට වතාවක් මාර්තු මාසයේදීත් ක්‍රියාත්මක වුණා.
ඒ නිසා අපි අප්‍රේල් මාසයේත් ඒ මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක වෙනවා. අපිට පේනවා බොරතෙල් මිල අඩුවෙනවා. රුපියල ශක්තිමත් වෙනවා පේනවා. ඒ නිසා ජනාධිපතිවරයාත් අපිට උපදෙස් දීලා තියෙන ආකාරයටම, අපි අප්‍රේල් මාසයේ සංශෝධනය කරනකොට අපි ජනතාවට කියනවා. ජනතාවට දැනෙන සහනයක් ඉන්ධනවලින් ලබාදෙන්න කටයුතු කරනවා කියන එක.”