වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ල නැරඹීමට ගොස් අවට ඇති උපදෙස් නොතකා එම ස්ථානයේ දිය නෑමට ගිය තරුණයින් පිරිසක් අතරින් 04 දෙනෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇති බව පොලිසිය කියයි.
කලුමුනයිකුඩි සහ සයින්දමර්දු ප්‍රදේශයේ පදිංචිකරුවන්වන මෙම තරුණයින් සොයා මේ වනවිට පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් ප්‍රදේශවාසීන් සමග එක්ව අතුරුදහන් වූ තරුණයින් සොයා මෙහෙයුම් අරඹා තිබේ.
අනතුරු ඇඟවීම් පුවරු නොසලකා හැර, ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් උපදෙස් නෑසූ කන්ව එම ස්ථානයේ දිය නෑමට ගොස් මෙම අනතුර සිදුවී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.