ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ වෙනත් මූල්‍ය ආයතනවලින් ලැබෙන අරමුදල් ප්‍රමාණය කීයක් වුවත් ශ්‍රී ලංකාවට යා යුතුව තිබෙන ඉදිරි මාර්ගය ඉතා දුෂ්කර එකක් වනු ඇති බව ‘මූඩිස් විශේලේෂණ ආයතනයේ’ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශ්ලේෂකයෙක් රොයිටර් පුවත් සේවයට අද පවසා තිබේ.
මූඩිස් ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනයට අනුබද්ධ මෙම ආයතනයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ කත්රිනා එල් පවසන්නේ ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලෙන් ලැබුණු සහය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්නා රිදී උණ්ඩයක් නොවනු ඇති බවය.
ශ්‍රී ලංකාවට ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් අවුරුදු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම ලැබුණු අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම පහසුකමත් සමඟ ඩෙලාර් බිලියන 7ක් දක්වා විදේශ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙන බවය.
ඒ පිළිබඳව අදහස් දක්වන කත්රිනා එල් පවසන්නේ ‘ශ්‍රී ලංකාවේ වර්ධන අපේක්ෂාවන් සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් යම් කැපකිරීමක් සහ සැලකිය යුතු දියුණුවක් ඇති කිරීමෙන් තොරව දැනට කතාවෙන සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇතිව තිබෙන උද්යෝගය කෙටි කලක් තුළ වැටී යනු ඇති බවයි.
ඉදිරි මාස කිහිපය තුළ අතිරේක මූල්‍ය සහයන් ශ්‍රී ලංකාවට ලැබීම සුබ පුවතක් වුව ද රටේ මූල්‍ය ප්‍රතිපත්තිය නිශ්චිතව පවත්වාගෙන යාම හා ණය තිරසාරත්වය තහවුරු කර ගැනීම ශ්‍රී ලංකාවේ වැඩි වගකීමක් විය යුතු බව ද පැවසුවාය.
එවැනි පසුබිමක් තුළ කොපමණ මුදල් ශ්‍රී ලංකාවට ලැබුණ ද ගමන් කළ යුතු වන්නේ ඉතා දුෂ්කර මාර්ගයක බව මූඩිස් ආර්ථික විද්‍යාඥවරිය පෙන්වා දෙයි.