දිගන ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සිදුව ඇත්තේ නිකට යටින් තබන ලද ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩය මොලේ පසාරු කරගෙන යාමෙන් ඇති වූ තුවාල සහ රුධිර වහනය මත බවට මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සීව සුබ්‍රමනියම් නිගමනය කොට ඇත.
ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද ( 17 ) දා පස්වරුවේ මහනුවර ජාතික රෝහලේ දී පැවැත්වීණි.
දිගන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන දොන් මංගල ගුණවර්ධන නැමැති අය පෙරේදා 16 දා දහවල් 12යි 15ට පමණ දිග නගරයේ පිහිටි ඔහුගේ ව්‍යාපාරික ස්ථානය තුළ දී වෙඩි තබා ගෙන තිබිණි. අනතුරුව ඔහු මහනුවර රෝහලට ඇතුළත් කළ අතර ඒ වන විටද ඔහු මියගොස් සිටියේය.
දෙදරු පියකු වන ඔහු රුපියල් කෝටි ගණනින් මුදල් පොලියට ලබා දෙමින් ව්‍යාපාර කටයුතු සිදු කළ අතර ඊට අමතරව ව්‍යාපාර රැසක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තබා ගැනීම සිදුවන අවස්ථාවේ කාර්යාලය තුළ ඔහුගේ සේවිකාවන් දෙදෙනකු හා රියදුරු සිට ඇති බවද පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ







