අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදානිලා වැඩ අල්ලති !

පළමු අදියර ලබන වසරේ නිම කරන සැලසුම්

by Lanka Sara Editor
නොවැම්බර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සිය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලනික සහ සමාජ ගමන් මග නවතම මානයක යොමුකරන සුවිශේෂී සිදුවීමක් පසුගියදා සිදුවිය.

ඒ අනුව මෙරට ගමන්මග සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කරන කොළඹ වාරයේ බටහිර පර්යන්තයේ ඉදි කිරීම ඉකුත් බදාදා දිනයේ දී ආරම්භ විය.  ශ්‍රී ලංකාව යනු ලොව සුවිශේෂීතම භූගෝලීය පිහිටිමක පිහිටා ඇති සහ ලොව ප්‍රමුඛතම නාවික මාර්ගය පිහිටා ඇති ආර්ථිකම වශයෙන් සුවිශේෂීම භූමියක් ලෙස හැදින්විය හැකිය.

මෙම භූමියේ වටිනාකම් නිසි ලෙස ආර්ථික ප්‍රගමනයට ගන්නා වෑයමක් ලෙස කොලඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය හැදින්විය හැකිය.  මෙම ව්‍යපෘතියේ සමස්ථ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 700ක් පමණ වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.  ඒ අනුව මෙරට ඉතිහාසයේ වරාය ක්ෂ්‍රේතයේ සිදුවූ විශාලතම ව්‍යපෘති වලින් එකක් ලෙස මෙහ හැදින්වීමට හැකියාව පවතින අතර ඉතිහාසයේ වරාය ක්ෂේත්‍රයේ සිදුවූ විශාලතම සෘජු විදේශ ආයේජනය වනු ඇත්තේද  බටහිර පර්යන්ත ඉදිකිරීමයි.

 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම ඉදිකිරීමේ පළමු අදියර යටතේ මීටර 800ක් දිග මීටර 20ක් ගැඹුරු ජැටියක් ඉදිකිරීමට නියමිත වන අතර එමඟින් වාර්ෂිකව කන්ටේනර් මිලියන 1.6ක් මෙහෙයුම් සිදු කිරීමට ඉලක්ක කර ඇත. මෙම අදියර 2024 වසරෙදී අවසන් වීමට නියමිත වේ. දෙවන අදියර 2025 වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී පර්යන්තයේ දිග මීටටර 1400ක් වනු ඇත. ඒ සමඟ වාරෂිකව බහලුම් මිලියන 3 ඉක්මවා මෙහෙයුම් ක=ළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

දැනට අපේක්ෂා කරන අන්දමට මෙම ව්‍යාපෘතිය අවසන් වී පර්යන්ත ජැටිය භාවිත කිරීමත්  සමඟ කොළඹ වරායේ වාර්ෂික බහාලුම් මෙහෙයුම් මිලියන7 අගයක් ඉක්මවමින්  ඉහළ යනු ඇති අතර එමගින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපැයමී සිදුකරනු ඇති බවට අපෙක්ෂා කර ඇත.

මෙම සුවිශාල ව්‍යාපෘතිය ඉන්දියාවේ ආදානි සමාගමේ සෘජු ආයෝජනයක් ලෙස නිම කිරීමට නියමිතය. එහිදී මෙම ව්‍යාපෘතියේ සියයට 51ක හිමිකාරිත්වයක් ආදානි සමාගම සතුවන අතර ඉතිරියෙන් සියයට 34ක් ජෝන් කීල්ස් සමාගම සතුවන අතර අනෙක් සියයට 15 වරාය අධිකාරිය සතුවේ.

වසරක පමණ කාලයක් විවිධ මතවාද මත ගැටීමෙන් යම් ප්‍රමාදයකටද මුහුණ දුන් මෙම ව්‍යාපෘතියට අදානි සමාගම අත ගසන්නේ ඉදිකර අත්පත් කරගෙන ආපසු පැවරීමේ ආයෝජන ක්‍රමය (Build Owned & Transfer – BOT)  යටතේය. ඒ අනුව  මෙම ව්‍යපෘතිය වසර 35ක කාලයක් ඉදි කිරීම මෙහෙයුම් කටයුතු කිරීම සහ පැවරීම යන පදනම් ක්‍රියාත්මක වීමට නියමිතය. එහිදී වරාය පර්යන්ත ඉදිකර මුල් වසර 35ක කාලයේ මෙහෙයුම් කටයුතු වල මූලික වගකීම අදානි සමාගම විසින් සිදුකරනු ඇත.

මෙම සුවිශාල ව්‍යාපාතිය ආරම්භය දැඩි අභියෝග මැද සිදූවකි. එහිදී කොළඹ වාරයා පර්යන්ත ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මූළික වශයෙන්ම යෝජනා වූයේ 2019දී වන අතර එහිදී මූලිකවම සාකච්ඡාවට බදුන් වූයේ  නැගෙනහිර පර්යන්තය ඉදි කිරීමයි. එ් සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මූලික අවබෝධතා ගිවිසුමක්ද රාජ්‍ය මට්ටමින්  අත්සන් තැබීම සිදුවිය.

අදාල මූලික අවබෝධතා ගිවිසුම දෙරට විසින් අත්සන් කිරීමත් සමඟම ඊට එරෙහිව ශ්‍රී ලංකාව පුරා දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය විය. ඊට වරdය අධිකාරයේ වෘත්තිය සමිති විශාල වශයෙන් එක්විය. මෙම විරෝධතා හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලදට යම් බලපෑඹක් ඇති වූ අතර ඒ හේතුවෙන් එවකට පැවති රජය විසින් වරාය පර්යන්ත ඉදිකිරීමේ ව්‍යාපෘතිය යම් සමනයකට පත් කිරීම තාවකාලිකව ගිවිසුම් ප්‍රකාරව කටයුතු අත්හිටුවීමට තීරණය කරනු ලැබීය.

 

පසුව විරෝධතා හේතුවෙන් යම් කාලයක් අදාල පර්යන්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල යම නිහැඩියාවක්ද නිර්මාණය වී තිබිණි.  කෙසේ වෙතත් 2021 වර්ෂයේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් ඉන්දියාව සමඟ පවතින මිත්‍රත්තවය වර්ධනය කරගැනීමට ආර්ථිකමය වශයෙන් ඇතිවිය හැකි ධාන්තමක සාධක සැලකිල්ලට ගනිමින් නැගෙනහිර පර්යන්තය වෙනුවට  බටහිර පර්යන්තය ඉදි කිරීමට සිය අනුමැතිය ලබාදීම සිදු කරනු ලැබීය.

 

ඒ අනුව ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර මීට අදල මූලික ගිවිසුමටක් ඇති කරගත් අතර ඊට අනුකූලව බටහිර පර්යන්තය ඉදි කිරීමට සුදුසු ඉන්දීය ව්‍යාපාරිකයෙකු සෙවීමට ඉන්දීය රජය පියවරගෙන තිබිණි. එහිදී සිය පළපුරුද්ද සහ මෙහෙයුම් වල ගුණාත්මකභාව යන කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ව්‍යපෘතිය අදානි සමාගම පැවරීමට පියවරගෙන තිබිණි.

 

එහිදී ආදානි සමාගම සිය ක්ෂේත්‍රයේ පලපුරුද්දද මෙම මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිතය. ආදානි සමාගමට වරාය මෙහෙයුම් කටයුතු පාලනය කිරීමේ ඉතා පුළුල් පළපුරුද්දක් සතුවන අතර පසුගිය කාලය පුරාවට අඛණ්ඩව සිය මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට අදානි සමාගම සමත්ව තිබේ. අදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් එකොනොමික් සොන්ස් සමාගමේ කොටස් මිල අගය මෙම කොලඹ වරාවෙය් වැඩ අරම්භ කිරීමේ පුවතින් පසුව ඉහළ ගියේය. එමෙන්ම මෙම සමාගමේ පසුගිය දෙවන කාර්තුවේ මූල්‍ය වාර්තා පසුගිය සතියේ නිකුත් වූ අතර එහිදී මෙම සමාගම එම කාර්තුවේදී ලද සමස්ත ලාභය පෙර වසරට සාපේක්ෂව සියයට 68කින් වරධනය වී තිබිණි.

අදානි සමාගම පසුගිය කාලයේදී ලොව වැඩිම අවධානයක් දිනා ගැනීමට සමත්වූ සමාගමක් වේ. ඊට එම සමාගම විසින් ඉන්දියාව තුළ සිදු කරනු ලබන දැවන්න වරාය මෙහෙයුම් කටයුතු මෙන්ම අනකුත් කාර්මාන්ත ක්ෂේත්‍ර වලද සීඝ්‍ර වර්ධනයක් දැක ගැනීමට හැකිවිය.

ඒ අනුව එම කර්මාන්ත වල සාර්ථකත්වය හේතුවෙන් ලොව පස්වන විශාලතම ආර්ථිකයේ ප්‍රබලතම සමාගම බවට ආදානි සමාගම පත්වීම සුවිශේෂී ප්‍රවනතාවයක් ලෙස පෙන්වා දිය හැකිය.  මෙහිදී වරාය මෙන්ම ගල් අඟුරු, බලශක්ති වැනි ක්ෂේත්‍ර වලද අදානි සමාගම විසින් සිදු කර ලද ආයෝජන පිළිබඳව ලෝකයම කතා බහට ලක් කර ඇත. .

මේ අතර මෑතකදී අදානි සමාගම විසින් ඉදිරි කාලයේදී ඉන්දියාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය් 5ජී අන්තරජාල පහසුකම් සේවාව සඳහා ද ආයෝජනය කිරීමට කටයුතු කර ඇත. ඉකුත් මාස 24කට පමණ පෙර එනම් කොරෝනා වසංගතය පැවති සමයේදී අදානි සමාගම සීඝ්‍රයෙන් සිය  වර්ධනය වූ‍යේ ලෝකයේ සෙසු සමාගම් රැසක මේ කාලය තුළ යම් පසුබෑම්වලට මුහුණ දෙද්දීය.   එහි ප්‍රතිඵලයක් ලෙස ආදානි සමාගමේ නිර්මාතෘ ගෞතම් ආදානිගේ වත්කම්ද මෙම කාලය තුලදී සීඝ්‍රයෙන් වර්ධනය විය.

මෙහිදී ආදානි සමාගම සිය මෙහෙයුම් කටයුතු නවමු මානයකට යොමු කිරීමට පියවරගෙන තිබිණි. එහිදී අදානි විසින් මෙතක් පැවති බලශක්ති අර්බුදය වශයෙන් සහ පාරිසරික විපර්යාසය පිලිතුරු සපයන්නෙකු ලෙස පිරිසිදු බලශක්ති උප්පාදනයට සිය අවධානය යොමු කරනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් අදානි සමාගම විශාල වශයෙන් සූර්ය බලශක්ති උප්පාදන ව්‍යාපෘති වලටද යොමුවිය. එහිදී ඊට ඉන්දීය රජයෙන්ද විශාල ඇගයීමක් හිමිවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආදානි සමාගම තවදුරටත් වර්ධනය වූ අතරම මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළද ස්ථාපිත කිරීමටද අවධානය යොමු කරනු ලැබයී.

කෙසේ වෙතත් මෙම සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ගෞතම් ආදානි මේවන විට ලොව තෙවැනියට ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති අතර ආසියාවේ ධනවත්ම පුද්ගලයාද වේ. එනම් මේවන විට ලොව ව්‍යාපාර ක්ෂේත්‍රයේ වැඩිම බලපෑමක් කළ හැකි තැනැත්තා බවටද අදානි පත්ව ඇති අතරම සිය ව්‍යාපාර ජාලයද ලොව දිශානතිය වෙනස් කරන ව්‍යාපාර ජාලයක් බවට පත්ව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ දැරියගේ මරණයට හේතුව බරපතල පහරදීමක්… පශ්චාත් මරණ පරීක්ෂණයෙන් නිගමනය කරයි!

Next Post

චීන ආරථිකය යළි දේශපාලන මිරිකීමකට ලක්වීමේ ඉඩක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.