ලලිත් චාමින්ද –
පැනමා රාජ්‍යයට අයත් CMA CGM නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් නීති විරෝධීව විදේශගතවීම සඳහා උත්සාහ කළ ද්‍රවිඩ ජාතිකයින් සිව්දෙනෙකු එම නෞකාවේ සේවකයින් විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල වරායේ ආගමන හා විගමන අංශය වෙත අද (10) පස්වරුවේ දී බාර දී ඇත.
කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ මෙකී නෞකාවට මාර්තු මස 24 වැනි දින නීතී විරෝධී ලෙස මෙම ද්‍රවිඩ ජාතිකයින් සිව්දෙනා ඇතුල් වී තිබේ.
ඔවුන් සිව්දෙනා එම නෞකාවේ ගමන් කරමින් සිටියදී නෞකාවේ සේවකයින් විසින් මාර්තු මස 26 වන දින හඳුනා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
පසුව මෙම නෞකාවේ කාර්යමණ්ඩලය විසින් jakson bay නැමැති වෙනත් නෞකාවක් වෙත මොවුන් සිව්දෙනා භාරදී ඇත.
අද පස්වරුවේ ගාල්ල වරායට කිලෝ මීටර් 06 කට දුරින් මෙම නෞකාව නැංගුරම් ලා ඇත. පසුව ගාල්ල වරායට අයත් යාත්‍රාවක් මෙම නෞකාව වෙත ගොස් මෙම පුද්ගලයන් සිව්දෙනා ගාල්ල වරායේ ආගමන හා විගමන අංශය වෙත රැගෙන පැමින ඇත.
මොවුන් සිවුදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මෙම පුද්ගලයන් සිව්දෙනාගෙන් ආගමන විගමන නිළධාරීන් විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මොවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාරදී ඇත







