කොළඹ ජාතික රෝහල කොවිඩ් රෝග ප්‍රතිකාර සඳහා සූදානම් කිරිම ආරම්භ කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
මේ අනුව ඇඳන් 10කින් යුතු දැඩිසත්කාර ඒකකයක් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන කොවිඩ් රෝගීන් සඳහා වෙන්කිරීමට රෝහල් බලධාරීන් .තීරණය කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මීට අමතරව ඇඳන් 20න් යුතු ශළ්‍ය වාට්ටුවක් සහ ඇඳන් 30න් යුතු වෛද්‍ය වාට්ටුවක්ද මේ වන විට වෙන්කිරීමට තීරණය කර ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.
දිනකට කොවිඩ් ආසාදිත රෝගීන් 5 දෙනෙකු පමණ හමුවන බවත් මෙසේ හමු වන්නේ සැත්කමවලට ලක්කිරීමට සිටින රෝගීන් සහ විවිධ රෝගී තත්ත්වයන්ට ලක්ව ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් යැයි ද පැවසේ
.කෙසේ වුවද රෝහල් පහසුකම් ලබා දිම ඉතා අසීරු කටයුත්තක් බැවින් හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියි.