පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ.
ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් ද අද සහ හෙට දිනයේ වසා තැබීමට ඊයේ තීන්දු කෙරිනි.
පවතින ආපදා තත්ත්වය යටතේ පාසල්වලට නිවාඩු ලබා දීමේ තීරණය පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි කළමනාකරණය කිරීමට අද්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.







