සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොහෙද යන්නේ… මල්ලේ පොල්… සජබ ජාතික ලයිස්තු මන්ත්‍රී අවුල ගැන අහද්දි සජිත් දුන්න ආතල් එක…

by editor
නොවැම්බර් 24, 2024 - Updated on නොවැම්බර් 25, 2024
in පුවත්
Sajith
Share on FacebookShare on Twitter

දැනට අර්බුදයක් වී ඇති ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුව සම්බන්ධව මාධ්‍ය එම පක්ෂයේ නායක මෙන්ම විපක්ෂයේ නායක ද වන සජිත් ප්‍රේමදාසගෙන් විමසා සිටින විට ඔහු ලබා දෙන හතර බීරි උත්තර මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හාස්‍ය උපදවමින් සංසරණය වේ.

පක්ෂය තුළ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර බෙදා ගැනීමට නොහැකිව ප්‍රාථමික පොරයක් නිර්මාණය වී ඇති අවස්ථාවේ දී විපක්ෂය ලෙස එම ගැටලුව විසඳා ගන්නා ක්‍රමවේදය සම්බන්ධව මාධ්‍ය අසන ප්‍රශ්න සහ විපක්ෂ නායකවරයා දෙන උත්තර පෙළ ගැසෙන්නේ මෙසේය.

මාධ්‍ය  – අද මොනවද සාකච්ඡා වුනේ

සජිත් – පක්ෂයේ සාකච්ඡා, රටේ සාකච්ඡා, රටේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා..

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මාධ්‍ය – එ් කියන්නේ පරාජිත මන්ත්‍රීවරු ගෙනත් ඔවුන්ගෙන් අදහස් ඇහුවද?. පරාජිත වෙන්න හේතුව ඇහුවද?.

සජිත් – විශේෂයෙන්ම අපි පැහැදිලි කිරීමක් කළා කොහොමද වර්ථමාන රජය ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට විරුද්ධව ගිහිල්ලා අයි.එම්.එෆ් ගිවිසුමේ කොන්දේසි වෙනස් කරනවැයි කියලා රටට ඉදිරිපත් කරලා ජන වරමක් ලබාගෙන ඒ ජනවරම පාවා දුන්න ආකාරය ගැන තමයි දීර්ඝව සාකච්ඡා කළේ. විශේෂයෙන්ම බදු අඩු කිරීම, වැට් එක අඩු කිරීම රටේ ජනතාවට සහන ලබා දෙන අලුත් අයි.එම්.එෆ් ගිවිසුමකට ප්‍රවේශ වෙනවා කියලා තමයි වර්තමාන රජය ජන වරම ලබා ගත්තේ. හැබැයි ජන වරම ලබාගෙන ඒ වරම ලබා දුන්න ජනතාවගේ විශ්වාසය බිඳ දමලා තිබෙනවා. ඒ කාරණා පිළිබඳව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

මාධ්‍ය – දැන් මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර ලබා ගැනීම සම්බන්ධයෙන් කොහොමද තත්ත්වය.

සජිත් – ඇත්ත වශයෙන්ම ජාතික වැදගත්කමකින් යුතු කාරණාව තමයි මේ රජය අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කරනවා කියලා රටේ ජනතාවගේ විශ්වාසය නැති භංග කරලා රටේ ජනතාව රවට්ටලා කරන මේ ක්‍රියාවලිය. මම දකිනවා ඒක ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක්. අපේ අනික් කරුණු කාරණා ටික නියම ආකාරයට සිද්ධ වෙයි.

මාධ්‍ය – හුඟක් අය දුක් වෙනවා ජාතික ලයිස්තුවෙ මන්ත්‍රී ධූරය තමන්ට නොලැබෙයිදෝ කියලා සමහරක් අයට ප්‍රශ්න තියනවා. මොකද වෙන්නෙ ඇත්තටම?.

සජිත් – මුලු රටම දුක් වෙනවා මේ පොරොන්දු වුන ආකාරයට මේ අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරන්නෙ නැතිව රටේ ජනතාවට ලබා දෙනවැයි කියපු බදු සහන ටික ලබා දෙන්නේ නැතිව… මතකයිනේ ඔබටත් ඉන්ධන මිල සූත්‍රය වෙනස් කරනවැයි කිව්වා. ඒව වෙනස් කරන්නෙත් නැතිව, විශේෂයෙන්ම බඩු මිල ප්‍රශ්නයත් එක්ක රටේ ජනතාව ලොකු අසහනයකට පත් වෙලා තිබෙනවා. මම හිතන්නේ අපි ලක්ෂ 220 ගැනයි හිතන්නේ.

මාධ්‍ය – දැන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර ලබා දීම කවදා වගේ සිද්ධ වෙයි ද?.

සජිත් – අපි ඇත්ත වශයෙන්ම අපි ගන්න ක්‍රියාමාර්ග ටික අපි ගන්නම්. ඊට වැඩිය වැදගත් වෙන්නේ මම ඔබතුමාට කියන්න කැමතියි ලංකාවේ ඓතිහාසික මන්ත්‍රි ධූර ප්‍රමාණයක් ලබාගෙන ජනතාවට කියන දේ ක්‍රියාත්මක නොකරන තත්ත්වය තුළ මධ්‍යම පන්තියේ රාජ්‍ය සේවයේ නිලධාරීන්, ඒ වගේම පෞද්ගලික ව්‍යවසායකයින් බලාපොරොත්තු වුන බදු සහන ටික ලැබෙන්නේ නෑ. ඇපික් ටැක්ස් එක පේඊ ටැක්ස් එක අඩු වෙන්නේ නෑ. වැට් එක අඩු වෙන්නේ නෑ.

ඉතින් අපට වැදගත් වෙන්නේ මේ ලක්ෂ 220කට අධික ජනතාවට කරනවැයි කියපු දේ නොකරන තත්ත්වයක් තුළ මේ අයිඑම්එෆ් ගිවිසුම සහ මුලින්ම වෙනස් කරලා අලුත් ගමනක් යනවැයි කියන තත්ත්වය තුළ අද ජනතා විශ්වාසය කඩ කරන ආකාරයක් තමයි අපට පෙනී ගොස් තිබෙන්නේ.

හැබැයි මම මේකත් කියන්නට ඕන. අපි ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න යන්නෙ නෑ. දේශපාලන පාපන්දුවක් කරගන්න යන්නේ නෑ. අපි සූදානම් රජයට සහයෝගය ලබා දෙන්න අලුත් අයිඑම්එෆ් ගිවිසුමකට යන්න. ජනතාවට සහන ලබා දෙන්න, රටට සහන ලබා දෙන්න අලුත් ගිවිසුමකට ප්‍රවේශ වෙන්න අප සූදානම් රජයට සහයෝගය ලබා දෙනවා…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට සිට බලාත්මක කරමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්!

Next Post

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් තෙක් වර්ධනය වෙයි… අදත් නැගෙනහිරට මහා තද වැස්සක්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.