දිනසේන රතුගමගේ –
කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු කිළිනොච්චිය ඉරණමඩු දූපතේ මිහිදන් කිරීමට එරෙහිව කතෝලික පූජකවරු පිරිසක් සමග එකතු වී දූපත් වැසියෝ අද (3) දහවල් විරෝධතාවයක නිරත වූහ.
දැනට දූපතේ පවුල් 167 ක් ජීවත් වන අතර සංක්‍රමණික ධීවරයින් වශයෙන් තවත් පවුල් 120 ක් පමණ මෙම දූපතට යෑම් ඊම් කරති.
කිළිනොච්චියේ සිට මුහුදු සැතපුම් 9 ක දුරින් මන්නාරම් බොක්කට අයත්ව පිහිටි ඉරණතීව් දූපතේ මේ වන විට පවුල් 165 ක් පමණ නැවත පදිංචිව සිටින හෙයින් ඉරණතිව් දූපතේ කොරෝනා සිරුරු භූමදානය කිරීම මගින් දූපතේ ජලය අඩුවැඩි වීම මගින් ජනතාවට වයිරසය ජලයට මුසු වී වැළඳීමේ අවදානමක් පවතින බව ඉරණතීව් දූපතේ වැසියෝ කියා සිටිති.
විරෝධතාවයේ නිරත පිරිස ඉල්ලා සිටියේ ඔවුන් ජීවත් වන හා ධීවර රැකියාව කරගෙන යන ඉරණතීව් දූපතේ කොරෝනා මළ සිරුරු මිහිදන් නොකරණ ලෙසයි.