දිනසේන රතුගමගේ –
යාපනයේ කන්කසන්තුරේ හා ඉන්දියාවේ පොණ්ඩිචෙරි,කරෙයිකාල් දක්වා මගී බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සදහා නවදිල්ලියේ ප්රවාහන සමාගමක් හා ඉන්දීය සාගර සංවර්ධන මණ්ඩලය අතර ගිවිසුමක් 2 දා නවදිල්ලියේදී අත්සන් කොට තිබේ.
ඉන්දීය සාගර සංවර්ධන මණ්ඩලයේ කලමනාකාර අධ්යක්ෂ දිලීප් කුමාර් ගුප්තා සහ ප්රවාහන සමාගමේ අධ්යක්ෂ නිරන්ජන් නන්දගෝපාල් විසින් අදාල ගිවිසුමට අත්සන් කොට තිබේ.
ශ්රී ලංකාව හා ඉන්දියාව අතර මගී බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සදහා මීට පෙර රටවල් දෙකේම එකගතාවය පල වී ඇති අතර නවදිල්ලියේදී අත්සන් තැබූ ගිවිසුමට අනුව ඉදිරි මාස හයක කාලය ඇතුළත කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී බෝට්ටු සේවාව ආරම්භ විය යුතුව ඇත.