තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය. ඒ අනුව, මේ දක්වා මෙරටින් නිල වශයෙන් වාර්තා වී ඇති මුලු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 13,696කි.
එම මරණ අතරට කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු අයත්ය. අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.
මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.