ඊයේ (27) අලුයම මහනුවර දංගොල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැටී 13 හැවිරිදි දැරියක් අනතුරට ලක් කළ උඩ බෝවල මාර්ගයට වගකීම් දරන රාජ්‍ය ආයතනයක් නොමැති වීම නිසා අද මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස් වීමේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා බරපතල අර්බුදයකට ලක් වූයේය.
අධික වර්ෂාවත් සමඟ මෙම මාර්ගයේ කොටසක් කඩා වැටී එම නිවසට දැඩි අලභානි සිදු වී තිබිණි.
මාර්ගය ඉරිතලා ගොස් නාය යෑමේ අවදානමක් පවතිත්දී ඒ බව ජනපති ලේකම් කාර්යාලයට සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැනුම් දුන් බවත් ඉන් පසු ජනපති ලේකම් කාර්යාලය මගින් අදාළ ලිපිය ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවට යොමු කර කඩිනමින් අවශ්‍යය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබියදී කිසිදු නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බවට හිමිකරු දන්වා සිටීම සම්බන්ධව මෙම කමිටුවේ දී සාකච්ඡාවට ගෙන ඇත.
එහිදී පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම ගඟවටකෝරලයේ ප්‍රාදේශීය ලේකම්වරයා ද මෙම අනතුරේ වගකීම ප්‍රතික්ෂේප කර ඇත්තේ එහි නෛතික අයිතිය තමන් වෙත නැති බව කියමිනි.