විවිධ ආගමික විශ්වාස සහ ලිංගික බෙලහීනතාවයක් ඇතිවේය යන මිත්‍යා ආකල්පය නිසා ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් කොවිඩ් එන්නත් කරණ සම්පූර්ණ කර නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුවට දැනුම් දී ඇත.
මේ අතර කිසිම එන්නත් මාත්‍රාවක් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් හැට දහසක් පමණ වෙතැයි ද එම වාර්තා කියයි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කළ සමීක්ෂණයක දී මේ බව අනාවරණය වී තිබේ.
කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොගත් පිරිස ලක්ෂ විස්සක පිරිස අතරින් බහුතරය තරුණයින් බව ද සෞඛ්‍ය අංශ කියයි.
කොවිඩ් එන්නතේ අධි මාත්‍රාවත් ඉදිරි සති දෙක තුළ අධිමාත්‍රාව ලබා දී උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය අඩු කිරීම සඳහා සැලසුම් කර ඇති අවස්ථාවක එන්නත්කරණය සම්පූර්ණ නොකළ පුද්ගලයින් ලක්ෂ විස්සක් සමාජය තුළ සිටීමේ ගැටලුවට පිළියම් ලෙස එන්නත්කරණය සම්පූර්ණ නොකළ කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කීරීමේ නීතී උපදෙස් සඳහා කමිටුව යොමු වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආනයනය කළ කොව්ඩ් මර්ධන එන්නත් ලක්ෂ තිහකට වඩා වැඩි ප්‍රමාණයක් මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කර ඇත.







