ගැබිණි මවුවරුන් දහසක අධික සංඛ්‍යාවක් කොවිඩ් ආසිදිත යැයි සැක කරන බවත් දැනට ප්‍රතිකාර ගනිමින් සිටින කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් ගණන 480ක් පමණ බවත් සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
ඉන් අසාධ්‍ය තත්වයට පත් වූ මවුවරුන් කීප දෙනෙක් මේ වනවිට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂික විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා පවසන්නේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින්නේ ගැබිණියන් 150ක් පමණක් බවයි.
ගැබිණිම වකකට කොවිඩ් ආසාදන වීම බරපතල තත්ව ඇති කළ හැකි බව පෙන්නුම් කරන නිසා සංචරණය අවම කර හැකි පමණ නිවෙස්තුල රැදී සිටින ලෙසත් සෞඛ්‍ය උපදෙස් හැකිපමණ පිලිපදින ලෙසත් ඇය ගර්භනී මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
දරුවා ලැබීමෙන් පසුව පිටස්තරයින්ට දරුවා බැලීමට නිවසර ඒමට හෝ නිවසේ සිටින අයට දරුවාට ලංවීමට කිසිවිටෙකත් ඉඩ ලබා නොදිය යුතු අතර දරුවාගේ සෑම සෞඛ්‍ය අවශ්‍යතාවක්ම මව විසින්ම කර ගැනීමට ඉතාමත් වැදගත් යැයිද ඇය පෙන්වා දෙයි.
දරුවාට නොකඩවා මව්කිරි ලබා දීමට කටයුතු කරන අතරම මව නිතරම තමන්ගේ දෑත් හොදින් පිරිසිදුකර ගැනිමට කටයුතු කරන්නැයිද ඇය ඉල්ලා සිටියි.