අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් අර්බුදය මැද මහනුවර ව්‍යාපාරිකයන්ට  නගර සභාවෙන් කුළුගෙඩි පහරක්

හිටි හැටියේ වරිපනම් බදු වැඩි කිරීම ගැන ව්‍යාපාරික ප්‍රජාවගෙන් විරෝධය

by editor
පෙබරවාරි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කොවිඩ් වසංගත අර්බුදය හේතුවෙන් දැඩි අර්බුදයක ව්‍යාපාර ගිලි සිටින පසුබිමක් මැද  අත්තනෝමතික ලෙස වරිපණම්  ඉහළ දැමීමෙන් මහනුවර නගර සභාව ව්‍යාපාරිකයන්ගේ හිසට කුළු ගෙඩියකින් පහර දී ඇතැයි මහනුවර සිංහල දෙමළ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව පවසයි.

පවතින අසීරුතා සලකා  වරිපනම් බදු වැඩි නොකරන ලෙස ජනපති ලේකම්වරයා විසින් දැනුම්දී තිබියදී මහනුවර මහ නගර සභාව අත්තනෝමතික ලෙස ව්‍යාපාරිකයින් ගෙන් හා නිවාස හිමියන් ගෙන් වාර්ෂිකව අය කරන බදු මුදල් ප්‍රමාණය 2021 වසර සඳහා 25% කින් ඉහළ දමා ඇති  බදු ගෙවන ජනතාව එයින් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති යසස් චන්ද්‍රසේකර මහතා පවසයි.

ඔහු පැවසූයේ නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මෙම වරිපනම් බදු ඉහළ දැමීම මධ්‍යම රජයේ දැනුම්දීමක් මත කළ එකක් බව  ප්‍රකාශ කළත් නගර සභාව බදු ගෙවන ජනතාව ගැන නොසිතා කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවය.

මහනුවර ඒකබද්ධ වෙළෙඳ සංගම් එකමුතුව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (01) මෙම මාධ්‍ය හමුව පැවැත් විණි.එයට මහනුවර සිංහල,දෙමළ හා මුස්ලිම් වෙළෙඳ පෙරමුණු නියෝජිතයි සහභාගි වූහ.

ජනාධිපතිතුමා බදු සහන රැසක් ලබාදී තිබියදී ජනතා බදු මුදලින් නඩත්තු වන මහනුවර මහ නගර සභාව ව්‍යාපාරිකයින් හා බදු ගෙවන ජනතාව බිත්තියට හේත්තු කර ගෙළ තද කිරීමට කටයුතු කරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවද උප සභාපතිවරයා කීය.

මහනුවර පමණක් සාමාජික මහත්වරු 1000 ක් පමණ නියෝජනය කරන වෙළෙඳ ප්‍රජාවක් සිටින බවත් ව්‍යාපාරිකයින්ට අමතරව සේවක මණ්ඩලය 25000 ක් පමණ සිටින බවත් කී ඒ මහතා මෙම ව්‍යාපාර නිසා ඍජුව හා වක්‍රව යැපෙන සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දහසක් පමණ වන බවද අවධාරණය කළේය.

අපි වර්ෂයකට බිලියන 04 ක පමණ බදු මුදලක් ගෙවන බවත් විශාල සේවාවක් කරන ව්‍යාපාරික ප්‍රජාවට මේ ආකාරයෙන් මහනුවර මහ නගර සභාව අකටයුතුකම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කොවිඩ් තත්ත්වයත් සමඟ කඩා වැටුණු ව්‍යාපාර යළි නගා සිටුවීම සඳහා අවධානම් දරා ගනිමින් ව්‍යාපාරිකයින් කටයුතු කරත්දී ඊට සහය දෙනු වෙනුවට නගර සභාව මේ ආකාරයෙන් බදු මුදල් ඉහළ දැමීමෙන් සිදු වන්නේ ව්‍යාපාරිකයා කබලෙන් ලිපට වැටීම බවද චන්ද්‍රසේකර මහතා පැවසුවේය.

පසුගිය කාලයේදීත් නගර සභාව අත්තනෝමතික ලෙස බදු අය කිරීම් ඉහළ දැමූ බවත් ඒ අවස්ථාවල ව්‍යාපාර හොඳ මට්ටමක තිබුණු නිසා ව්‍යාපාරිකයින් දෙවරක් නොසිතා එම මුදල් ගෙවීමට පියවර ගත් බවත් ඒ මහතා කීය.

ලාභ ලබන එක හීනයක් බවට පත්ව තිබෙන අවස්ථාවක ව්‍යාපාරිකයින් සිතුවේ පසුගිය වසරට වඩා යම් ආකාරයක බදු සහනයක් ලබාදීමට නගර සභාව කටයුුතු කරනු ඇතැයි යන්න බවත් මේ සම්බන්ධව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡාවක් කිරීමට තීරණය කළ බවත් චන්ද්‍රසේකර මහතා පැවසුවේය.

මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපති එම්.ජී චන්ද්‍රසේන මහතා ඇතුළු ව්‍යාපාරිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් එන්නතේ මාත්‍රා 20 000ක් අද සෞඛ්‍ය සේවකයින්ට…

Next Post

මියන්මාරයේ අද සිදුවූ දේ..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.