අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් අපෙන් උදුරාගත් රත්තරන් මනුස්සයෙක්…

by editor
සැප්තැම්බර් 27, 2021 - Updated on සැප්තැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ දුර්දාන්ත වසංගතය රත්තරන් මිනිස්සු ගණනාවක් අපෙන් උදුරා ගත්හ.  ලෝකය අභියස සිය අසීමිත හැකියාව,  නිර්මාණශීලීත්වය මෙන්ම මානව දයාව ද මුදා හළ  ඇන්ටන් මොහාන් මෝසස් කොවිඩ් ව්‍යසනය රටට අහිමි කළ එවන් සම්පතකි.

ඔහු ගිනස් ලෝක වාර්තා දෙකක හිමිකරුවෙකි.  මේ රටේ ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රය එකෙළි කළ විසල් වෘක්ෂයකි.  වර්ෂ 1979 දී පැය 14යි විනාඩි 56ක්  තනි කකුලෙන් සිටගෙන සිටිමින්  කුමාර් ආනන්දන් තැබූ ලෝක වාර්තාව බිඳ දැමුවේ ඔහුය.    බොක්සිං පහර දැරීමේ පැසට වැඩිම කාලයක් පහර එල්ල කිරීමේ ලෝක වාර්තාව තැබුවේ ඔහුය.  එම වාර්තාව පිහිටවනු ලැබුවේ වර්ෂ 1999. 12.14 දින වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ දී ය.

බොක්සිං පැසට පහර එල්ල කරමින් ජර්මානු ජාතිකයෙක් තැබූ ලෝක වාර්තාව බිඳ දැමූ පසු …

අවුරුදු 64ක් යනු මහා වයසක් නොවේ. 1957.03.13 දින උපන් ඔහු 2021.09. 25 දින කොවිඩ් ව්‍යසනයේ ගොදුරක්ව අප හැර දා ගියේය.

ජාතිය ප්‍රනාමය හිමි විය යුතු මේ නිහඬ මිනිසා තමන් උත්කර්ෂයට නන්වා ගත්තේ නැති ගැඹුරු මානව ගුණයක් සහිත දුලබ චරිතයක් වූයේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඔහු වෘත්තිය ලෙස තොරා ගත්තේ අප වැනි රටක ඉතාම ආයසයෙන් දරා ගැනීමෙන් මෙන්ම කැපවීමෙන් කළ යුතු ඉසව්වකි. ඒ ක්‍රීඩා ඡායාරූප කරණයයි.  හෙතෙම  වසර 40කට අධික කාලයක් ක්‍රීඩා ඡායාරූපකරණයේ යෙදුනේය.

ANTON
තනි කකුලෙන් හිටගෙන සිට ලෝක වාර්තාව තැබූ අවස්ථාව ( දකුණේ) සහ කලින් එම වාර්තාව හිමිව සිටි කුමාර් ආනන්දන් සමග ( වමේ)

මළල ක්‍රීඩාව, දැල්පන්දු, වොලිබෝල් සහ පාපැදි ක්‍රීඩා ඉසවු ජනතාව වෙත රැගෙන යෑම සඳහා ඔහු නිශ්ශබ්දව ජීවිතය කැප කළේය. අද මෙන් තාක්ෂණික පෙළහරක්  නැති වකවානුවක ජාතික මහා ක්‍රීඩා උළෙලේ සිට සාෆ් ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල  අපේ පාඨකයාට සජීවීකරණය කළ ප්‍රධාන සිත්තම්කරුවෙක් ලෙස මොහාන් මෝසස් බුහුමනට ලක් වූ ඉතිහාසයක් තිබිණි.

ලෙක්හවුස් ආයතනයේ  ක්‍රීඩා පුවත්පත ආරම්භ කළ දින සිට එහි සම්පත් දායක ඡායාරූප ශිල්පියා වුයේ මොහාන් මෝසස්ය. ඔහු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල ඡායාරූප ශිල්පියෙක්, ප්‍රවෘත්ති නිලධාරියෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයන් අතර සම්භාවනාවට ලක් වූවෙකි.  ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සමාජිකයෙක් ලෙස කැපවූවෙකි.

ඇන්ටන් මොහාන් මෝසස් ක්ෂේත්‍රයෙන් කවදාවත් විශ්‍රාම යෑමට කල්පනා නොකළ මනුෂ්‍යයෙකි. විශ්‍රාම ජීවිතය ගත කරන අතරත් ඔහු සෑම ජාතික ක්‍රීඩා උළෙලක්ම ආවරණය කළේය. අවසන් වකවානුව දක්වාම  ප්‍රාදේශීය මට්ටම්වලින් ක්‍රීඩා සංගම් සංවිධානය කරමින්  නව ක්‍රීඩා ප්‍රවේශ හඳුන්වා දෙමින් ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රයට සිය ගරු සේවය මුදා හල ප්‍රවීණයෙකි.

2010 දිල්ලි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙල ආවරණය කළ අවස්ථාව….

“ සියල්ලටම වඩා වැඩියි මොහාන් ගෙ මනුස්සකම. කවදාවත් කාගෙවත් හිත රිද්දුවෙ නෑ.  තමන්ට  සිදුවන අකටයුතුවලින් සිත රිද්ද ගත්තෙ නෑ. දුෂ්කර හැම වෙලාවකම දුෂ්කරතාවයට පත් වුණු පීඩිත මිනිස්සු එක්ක මොහාන් හිටගත්තා.  එයාගෙ තෘප්තිය වුණේ එයා ගත්තු ඡායාරූප අනෙක් අයට බෙදන එක. ඒ වෙනුවෙන් කවදාවත් මිලක් නියම කළේ නෑ.“

ඔහු ගැන කී  බොහෝ  දෙනා කීවේ එසේය.

ජාතික  බිලියඩ් හා ස්නූකර් ක්‍රීඩාව නගා සිටුවීමට ඔහු කළ කැපවීම එම සංගමයේ සභාපතිව සිටි වෛද්‍ය පානී සෝමරත්න කීවේ අසීමිත කම්පනයකිනි.  කැරම් ක්‍රීඩාවක් ලෙස ජනගත කරන්නට ඔහු කැපවුනේය.

“මොහාන් මෝසස් ලාංකේය වොලිබෝල් ක්‍රීඩාව හා බැඳුණු ඉතාම සුන්දර මිනිසෙක්. ඔහු ගැන එක සටහනක් තබන්නම්.  2006 අගෝස්තු මස 27 දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩා පිටියේ පැවැති 10 වන සාෆ් ක්‍රිඩා උළෙලේ පිරිමි කාන්තා වොලිබෝල් අවසන් තරග පැවැතියේ ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර.  එම තරග නැරඹීම සදහා සුගතදාස ක්‍රිඩාපිටියට පැමිණියේ ජන ගඟක් එදා මෙදා තුර එවැනි ජනකායක් සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාගාරයට පැමිණි දිනයක් තවම වාර්තා වී නැහැ.  ඒ සුන්දර මොහොත තමන්ගේ කැමරා කාචයට හසුකරගත් එක් කැමරා ශිල්පියකු සිටියා. ඒ තමා මෝහන් මෝසස්.“ අපට එසේ කිව්වේ ප්‍රවීන වොලිබෝල් පුහුණුකරුවෙක් විචාරකයෙක් මෙන්ම පර්යේක්ෂකයෙක් වූ සුසිල් රණසිංහය.

මේ මිනිසා නික්ම ගොස් ඇත. ඔහුගේ ප්‍රිය බිරිය සන්ධ්‍යා මල්ලවාරච්චි ය. පුත් ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරණයේ නියැලෙන  ඩිලන් මෝසස්ය. දියණිය සිළුමිණ රසඳුන සංස්කරණය කරන  මාධ්‍යවේදිනී ටානියා මෝසස්ය.

අවසන් මොහොතේ මතකය…

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ්වලින් පසු එන දරුවන්ගේ මාරකය –  බහු ඉන්ද්‍රීය අකර්මන්‍යතාව හිස ඔසවන හැටි විශේෂඥවරු කියති.. 

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ටත් “මැණිකේ මගේ“ ගැන හිත වැටෙයි

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.