කොවිඩ් වැදී සුව වූ දරුවන් අතර පැති යන බරපතල රෝග තත්ත්වයක් වන බහු ඉන්ද්‍රීය අකර්මන්‍යතා රෝගය මේ දිනවල රට පුරා ප්‍රදේශ ගණනාවකින් වාර්තා වී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත කියයි.
කොවිඩ් වැලඳී සුවය ලැබූ දරුවන්ගේ ඉන්ද්‍රියන්ට සැලකිය යුතු සංඛ්‍යාවක් එකවර අඩපණ කිරීමේ තත්ත්වක් මතුවන බැවින් මෙය බහු ඉන්ද්රිය අකර්මන්‍යතා රෝගය ලෙස හඳුනාගෙන ඇතැයි විශේෂඥවරයා සඳහන් කරයි.
මෙසේ ඉන්ද්‍රියන් ක්‍රමයෙන් අකර්මන්‍ය වූ විට දරුවාට වමනය , පාචනය, උණ, ක්ලාත ගතිය දැඩි උදරයේ වේදනාව, සමේ රතු ලප වැනි ලක්ෂණ මතුවෙන බැවින් මෙවැනි රෝග ලක්ෂණ පහළ වූ වහාම දරුවා රෝහල් ගත කරන්නැයි ඔහු දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මේ වන විට බහු ඉන්ද්රිය අකර්මන්‍යතාවයට ලක්වූ අසාධ්යතත්ත්වයේ පසුවන දරුවන් 5 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර එකකය තුළ ප්‍රතිකාර ලබන බවත් තවත් දරුවන්25 දෙනෙකු වාට්ටුවල ප්‍රතිකාර ලබන බවත් සඳහන් කරන විශේෂඥවරයා ඉදිරි දිනවලදී මෙම සංඛ්‍යාවේ සීඝ්‍ර වැඩිවීමක් සිදුවිය හැකි බවද පෙන්වාදේ.
බහු ඉන්ද්රිය අකර්මන්‍යතාවයන්ට ලක් වූ දරුවන් 63 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ පසුගිය දිනවල ප්‍රතිකාර ලැබූ අතර ඉන් දරුවන් 3 දෙනෙකු මිය ගිය බවද වෛද්‍ය කිතුල්වත්ත සඳහන් කරයි.
කොවිඩ් රෝගය ආසාදනය වූ දරුවන් 200ක් පමණ දෙනා පසුගිය දිනවලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ බැවින් බහු ඉන්ද්රිය අකර්මන්යතාවට ලක් වූ දරුන්ගේ සංඛ්‍යාවේද වැඩි වර්ධනයක් පෙන්නුම් කිරීමේ හැකියාවක් පවතිනු ඇතැයිද සඳහන්වේ.
කොවිඩ් රෝගය බොහෝ දරුවන්ට වැළඳුණද රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් මේ දිනවල දරුවා ඉහත රෝග ලක්ෂණ පෙන්වයි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා මෙන් වෛද්‍ය නලීන් කිතුල්වත්ත දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.