පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන පෙළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෘත්තීය සංගම 15ක් අද වැඩ වර්ජනයකට එලඹ තිබේ. කොවිඩ් 19 වසංගතය සේවක කාර්ය මණ්ඩලය අතර ව්‍යාප්ත වීම වැළැක්වීමට අදාළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම, කොවිඩ් ආරක්ෂිත විශේෂ නිවාඩු අනුමත කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන මෙම වැඩ වර්ජනය අද පෙරවරු 8.30 සිට ක්‍රියාත්මක වී ඇත. මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම රෝහල් පරිපාලනයෙන් කරන ලද ඉලලීම් නොසලකා හැරීම හේතුවෙන් මෙසේ වැඩ වර්ජනයකට එලඹි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අරුණ ශාන්ත ලංකාසර ට පැවසීය.
මෙම වර්ජනය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය ස්වා එක්සත් හෙද සේවා සංගමය, පරිපූරක වෛද්‍ය සේවා සංගමය, සමස්ත ලංකා හෙද සේවා සංගමය, ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, ප්‍රගතිශීලි සෞඛ්‍ය සේවකයන්ගේ සංගමය, අතුරු වෛද්‍ය සේවා සංගමය, ගිලන් රථ රියදුරන්ගේ සංගමය, කන්තුඛ රේඛන ශිල්පීන්ගේ සංගමය, භෞත චිකිත්සකයන්ගේ සංගමය, විකිරණවේදීන්ගේ සංගමය, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය, ආහාර නිරීක්ෂකයන්ගේ සංංගමය, අරක්කැමිවරුන්ගේ සංගමය, දුරකථන සේවා නිලධාරීන්ගේ සංගමය යන වෘත්තීය සංගම් 15ක් සහභාගී ව සිටී.
මේ අකර ගිලන් රථ රියදුරන්ගේ සංගමය පවසන්නේ ඔවුන්ට ප්‍රමාණවත් ආරක්ෂිත ඇඳුම් නොලැබෙන අතර මේ හේතුවෙන් ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට බරපතල කොවිඩ් අවදානමක් පවතින බවය.
රෝගීන්ගේ ජීවිත අවදානම් පසෙක ලා සිදු කරන මෙම වැඩ වර්ජනය තමන් කිසිසේත් අනුමත නොකරන අතර ඔවුන් විසින් ඉල්ලා සිටින කොවිඩ් ආරක්ෂිත විශේෂ නිවාඩු කිසිසේත් අනුමත කිරීමට තමා සූදානම් නොමැති බව මේ පිළිබඳව කළ විමසුමකදී රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පැවසීය.