ඉදිරි දිනවලදී කොවිඩ් රෝගය යළි වර්ධනය වුවහොත් රෝහල් පද්ධතිය සක්‍රීය කිරීමට ක්ෂණයකින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිලිබද ප්‍රධාන සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සදහන් කරයි.
ඉදිරියේදී නව ප්‍රභේද විකෘති ප්‍රභේද ඇතිවිය හැකි බැවින් පළමු, දෙවන හා තෙවන කොවිඩ් රැල්ල තුළදී අප උගත් පාඩම් උපයෝගි කර ගනිමින් කොවිඩ් ප්‍රතිකාරයන් සදහා රෝහල් යළි සක්‍රීය කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 278ක් තුල ඇදන් 39445ක් ක්‍රියාත්මක වූ බවත් දැඩිසත්කාර ඒකක ඇඳන් 201 ක්‍රියාත්මකව පැවතුණද මෙම සංඛ්‍යාවන් අද වන විට රෝගීන්ගේඅඩුවත් සමග අඩුවී ඇති නමුත් අවශ්‍යතාව මත ඉදිරියේදී නැවතත් වැඩිකළ හැකි යැයිද වෛද්‍ය අම්දානි සදහන් කරයි.
මේ වන විට දෛනිකව කොවිඩ් රෝගීන් 700 – 750ක් හමුවන අතර 300 – 350ක් දෙනා සුවය ලබන බව සදහන් කරන වෛද්‍ය අම්දානි දෛනික මරණ සංඛ්‍යාව 20 – 25 අතර බවද පෙන්වාදේ.