ශ්‍රියානි විජේසිංහ –
කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ අද උදෑසන සිදුවූ බස්රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකි වී ඇත්තේ දෙදෙනෙකුගේ පමණක් යැයිද ජාතික රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 17දෙනෙක් අද උදෑසන රෝහල්ගත කර තිබිණි. ඉන් සිවු දෙනෙකුගේ තත්ත්වය බරපතල යැයි මාධ්‍යය වාර්තා කළ ද ජාතික රෝහල පවසන්නේ තුවාල කරුවන් බරපතල තත්ත්වයක නැති බවය.
තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් පැමිණ තිබුණි.